මහ කන්නෙට ගොවීහු වී වෙනුවට වෙනත් භෝග වගාවට යොමුවෙයි

bathala

පවත්නා රසායනික පොහොර අර්බුදය හේතුවෙන් මාතලේ ගොවි සංවිධාන රැසක් මහ කන්නයේ වී වගාව වෙනුවට පොහොර නොයදවන භෝග වගාවන් කෙරෙහි යොමු වී ඇතැයි ගොවීහු කියා සිටිති. වී වගා කළ කුඹුරු ඉඩම්වල මෙවර බොහෝ ගොවීන් බතල, ඉඟුරු සහ කහ වැනි භෝග වගා කර තිබේ. මේ අතර සුළු පිරිසක් පසුගිය කන්නවල තමන් සතුව ඉතිරි කර ගත් කෘෂි රසායන උපයෝගි කර ගනිමින් වැටකොළු, වම්බටු, බෝංචි වැනි වගාවන් සිදු කර ඇතැයි නාඋල අඹන ගොවි සංවිධානය ප්‍රකාශ කළේය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවළු තොග සපයන අඹන ගොවි සංවිධානයට අයත් වගා වපසරිය අක්කර 500කි. ප්‍රධාන කන්න…

Read More

නව රාත්‍රී පුජාවන් ඇරඹෙයි

nawarathre

හිංදු භක්තිකයන් විසින් දින 09ක් පුරාවට පවත්වනු ලබන නව රාත්‍රි පුජාවන් මෙම දිනවලදි පැත්වෙන අතර හැටන් නගරයේද මෙම නව රාත්‍රි පුජාවන් පැවැත්විමට විවිධ ආයතන හා පෙර පාසල්ද පියවර ගෙන ඇත. එම තත්වයන් මත මෙම නව රාත්‍රි පුජාවන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් මත පැවැත්විමට වෙලද ආයතන පෙර පාසල්, හා විවිධ ආයතන පියවර ගෙන ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More

රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?

rathana-himi

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු වරට තරඟවැදුණු අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධූරයක් හිමිවුණා. එහෙත් එම මන්ත්‍රීධූරය සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් ගතවූයේ පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයත් සමඟයි. ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන…

Read More

ඔන්ලයින් ක්‍රීඩා වලට කුමක් සිදු වෙයිද?

online-game

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දුන්නේය. “මේ විනාශ වන්නේ සියදිවි නසා ගැනිමි සිදු කරන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මරණයට පත් වන්නේ. අපි භාරදුන් ලිපිය මඟින් ඉල්ලීමක් කරමින් කියා සීටියේ. විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වගකීමක් තියෙනවා අදාළ බලධාරීන්ගෙන්ද අපි ඉල්ලා සිටින්නේ දරුවන් ව මේකෙන් මුදවා ගැනීමට කටයුතු කරන ලෙසත්. මාර්ගගත වීඩියෝ ගේම්වලට වැට බඳින්න හැකියාව ඇති නිසාත්. ඒවාට බාධා කිරීමට , ඒවා අපේ…

Read More

නව සෞඛ්‍ය මාර්ගෝපදේශය

health

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම මාර්ගෝපදේශ මාලාව  එළඹෙන ඔක්තෝම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි සඳහන් වන්නේ. දිනපතා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා අවසර හිමි වන්නේ නැහැ. එමෙන්ම මෙම කාල සීමාව තුලදී එක් නිවසකින් පිටවීමට අවසර හිමිව ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණි. රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට උන්නදුකළ යුතු අතර අවශ්‍යතාවය මත ඇතුළු කර ගත හැකි පුද්ගලයින් ගණනින් සීයයට 25ක් පිරෙන…

Read More