විපක්ෂයේ එකම පැතුම අයි.එම්.එෆ් දෙවැනි වාරිකය අහිමි වීමයි

වර්තමාන විපක්ෂයේ එකම පැතුම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය රටට නො ලැබේවා යන්න බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී  පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 700 ක මුදල ලබාගැනීම වෙනුවෙන් රජය මොහොතේ ක්‍රියා කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා සැප්තැම්බර් මාසයේ සමාලෝචන රැස්වීම් පැවැත්වුයේ එම කාරණය සඳහා බව කීය. එම සාකච්ඡා වල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කොන්දේසිවල යම් යම් ආකාරයේ ගැටළු ටිකක් මතු වූ බවද ඉදිරි සති තුන ඇතුළදී එම…

Read More

ලබන වසරේ මැතිවරණ තුනක්

elec set alarm for 11 30

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ පිරිසක් අප සමග එක්වීමට සාකච්ඡා පවත්වා තිබෙන බවත් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකු ඉදිරි මැතිවරණ වලදී එක්වන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි. එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවත් එම වසර මැතිවරණ වසරක් වන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි. යම්කිසි වැඩ පිළිවෙළක් රටේ බඩු මිල පාලනය සදහා සෑදිය යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ ආසන බල මණ්ඩලය රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව…

Read More

දූෂණ විරෝධී පනතින් පිළිකාවක් ලෙස උඩුදුවා ඇති වංචාව, දූෂණය, අක්‍රමිකතාවය සුවපත් කළ හැකියි

dusana virodi panatha

දූෂණ විරෝධී පනත හරියටම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලාංකික සමාජය සුවපත් වෙතැයි තමා සිතන අතරම එය රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීම මත බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය ආයතන තුළ පිළිකාවක් ලෙස වංචාව, දූෂණය, අක්‍රමිකතාවය උඩුදුවා ඇතැයිද මේ හේතුවෙන් තමා යටතේ පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේද ඇතිවී ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයිද පැවසුවේය. මින් පෙර කිසිදාක නොවූ විරූ ලෙස දැඩි කොන්දේසි සහ වගන්ති ඇතුලත් දූෂණ විරෝධී පනතක් නොබෝදා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමටද සිදුවූ බව සිහිපත් කළේය. දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වන විට බොහෝ දේ ක්‍රියාත්මක කිරීමේ…

Read More

උතුරු – නැගෙනහිර දෙමළ දේශපාලන නායකයින් හා ඇමරිකානු තානාපතිනිය අතර විශේෂ හමුවක්

july chung

උතුරු, නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් අතර හමුවක් ඊයේ (17) පවත්වා තිබේ. අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට විසදුම් ලබාදීම, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සහ උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සකච්ඡා වී ඇති බවයි වාර්තා වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සත්‍යය, සංහිදියාව හා ස්ථිර සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන්ද ඇමරිකානු තානාපතිනිය සහ දෙමළ දේශපාලන පක්ෂ නායකින් සකච්ඡාකර තිබේ. මෙම සකච්ඡාව සඳහා දෙමළ මහජන පෙරමුණ නායක සී.වී. විගවිග්නේශ්වරන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්,…

Read More

ඇදහීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීම ඇතුළේ සඟවන්න එපා

kuranaya gossips news

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැඟිල්ලක් තුළ අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වනදා ආරම්භ…

Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි

slparli

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (27) පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා (30) දක්වා කල් දමා තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබන සිකුරාදා පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව සඳහන් වේ. මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (28) පැවැත්වෙනු ඇත.

Read More

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?

ranil

රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි. මේ වන විට රනිල්ට කළ හැකි ලොකුම හානිය කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි. තම මාසික ‘චේතනාව’ (වැටුපට ඔහු පාවිච්චි කරන වචනය) නොගන්නා බව කියන නවීන් දිසානායක වැනි අයට…

Read More

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නේ නැහැ – ජනපති

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශවයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ලෝකයේ සෑම රටකම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට එවැනි ක්‍රමවේදයක් භාවිතා වන අතර ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන එලෙසින්ම ඇතුළත් කිරීමට…

Read More

සබරගමුව ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායකට

2019 සැප්තැම්බර් මස 21 වන දින සිට පසුගිය 8 වන දින දක්වා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් 8 වන දින ජනාධිපතිවරයා වෙත යොමු කළ අතර, ඉන් පුරප්පාඩු වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයෙකු වන නවීන් දිසානායක මහතා පත්කිරීමට නියමිතයි. නවීන් දිසානායක මහතා ජනාධිපතිවරයා වෙතින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම් ලිපිය මේ සතියේ බාර ගැනීමෙන් පසුව අද(13) දින සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතයි.

Read More

දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි

රටේ දේශපාලනයට එන සියලුම දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. එය ආරම්භ කිරීම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමේ දී සිදු කරන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛය මගින් බදු ගෙවිය හැකි අපේක්ෂිත කාණ්ඩ 14කට බදු ගොනු විවෘත කිරීම අනිවාර්යය කළ අතර බදු ගොනුවක් විවෘත කිරීම, බදු ගෙවීම අනිවාර්ය කිරීමක් නොවන බවද තවදුරටත් සදහන් කරයි.

Read More