ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් නවතී

oil

ඉන්ධන නොමැතිවීමෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. කපුගස්කන්ද බලාගාර දෙක, කොළඹ වරාය පාවෙන බලාගාරය, ඇඹිලිපිටිය සහ මාතර පෞද්ගලික බලාගාර දැවිතෙල් නොමැතිව ද, කැලණිතිස්ස සහ මතුගම යන බලාගාර ද ඩීසල් නොමැතිවීමෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීවී ඇති බව ද එම නිලධාරියා කීය.

Read More

රාජපක්‍ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම්

ranil5

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “රාජපක්‍ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට යන” බවත් මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයට පත් කරන බවත් බී.බී.සී. ලෝක සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය. වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම දිනක ආහාර වේල් තුන සහතික කිරිම තම එක් අරමුණක් බවයි ඔහු පැවසුවේ. එමෙන්ම සිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝධතාකරුවන්ගේ අදහසට තමන් එකඟ වන නමුත් එය සිදු නොවන බව ය. “දොස් කීම ක්‍රියාවකට මඟ පාදන්නේ නෑ මම මෙහි පැමිණියේ මිනිසුන් පෝෂණය කිරීමටයි ” ඔහු පැවසීය.…

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

weather today at my location

දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද…

Read More

දේශපාලන පෙරළියෙන් ආර්ථිකයේ පිබිදීමක්

econimc

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හරහා ආර්ථිකයේ යම් පිබිදීමක් සිදුවෙමින් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසි. ඔවුන් කියා සිටියේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පැවතීම ඊට හේතුව බවයි. රට හමුවේ පවතින අර්බුදවලට ජාත්‍යන්තරයෙන් ද කඩිනමින් සහය ලබාගැනීමට මේ ඔස්සේ හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ඔවුන් පවසයි.

Read More