ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලු ම ආයතන සඳහා මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. සංචාරක ප්‍රවර්ධනයට සහ සියලු ම සංචාරක පාර්ශවකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒම සඳහා සහාය වීම මෙම තීරණයේ අරමුණ බව වාර්තා වනවා.
Read MoreDay: June 13, 2022
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවය. විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පසුගිය දිනවල ඇතිවිය. ඉන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් පැවසුවේ එම ප්‍රකාශය තමා ඉල්ලා අස්කර ගන්නා බවයි.
Read Moreරට අකර්මණ්‍ය වීමේ අවදානමක්
රටේ පවතින ඉන්ධන කළමනාකරණය කර නොගත හොත් ඉදිරියේ දී රට මුළුමනින්ම අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Read Moreයුක්රේනයේ අවි ගබඩාවක් රුසියානු ප්‍රහාරවලින් විනාශ වෙයි
රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ යුක්රේනයේ පිහිටි විශාල අවි ගබඩාවක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එලෙස විනාශ වී ඇත්තේ යුක්රේනයේ ටර්නොපිල් ප්‍රදේශයේ පිහිටි අවි ගබඩාවක්. රුසියාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයක් හමුවේ එම අවි ගබඩාව විනාශ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වෙයි. එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් සහ යුරෝපයෙන්, යුද ආධාර වශයෙන් යුක්රේනයට ලබාදුන් අවි තොග රැස්කර තිබූ අවි ගබඩාවකට රුසියාව එලෙස ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.
Read Moreසහල් කිලෝව රුපියල් 500 දක්වා ඉහළ දැමීමේ උත්සාහයක්
ඉදිරි කාල සීමාවේදී සහල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් උත්සාහ දරමින් සිටින බව වාර්තාවෙයි. දැනටමත් මෙම මෝල් හිමියන් සහල් අලෙවියට නිකුත් කිරීම සියයට 40 කින් පමණ අඩු කර තිබේ. ප්‍රධාන නගර රැසකම සහල් වෙළඳුන් සඳහන් කරන්නේ පසුගිය දින කිහිපයේදී සහල් තොග වෙළෙඳ සැල්වලට නොලැබුණු බවයි.
Read Moreඅද විශේෂ නිවාඩු දිනයක්
අද (13) රජයේ කාර්යාල සේවකයින් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ අද රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් බවයි. ප්‍රවාහන සේවයේ පවතින ගැටලු හේතුවෙන් මෙලෙස සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත.
Read More