Content Polymath Price Forecast 2022 Start Investment in Polymath Token What coins are similar to Polymath? Information about İzmir Demir Çelik! Exchange code: IZMDC Confirm the sell price and fees and close your sale of Polymath. On holdings, pay with your crypto for cashback at stores, get loans and more with this complete crypto-finance platform. On easier-to-use exchanges, this is as simple as entering the amount you want to purchase and clicking buy. If you like, you can now withdraw your Polymath to your personal wallet. Ever take a course…
Read MoreDay: July 25, 2022
නැවත මුව ආවරණ පළඳින්න
පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මුව ආවරණ තවදුරටත් අනිවාර්ය නැති බවට කළ දැනුම්දීම අනුව මේ වනවිට කොරෝනා රෝගයේ බිය පහව ගොස් ඇති ස්වරූපයක් සමාජය තුළින් දිස්වේ. ඇතැමුන් මුව ආවරණ පළඳින අතර ඇතැමුන් එසේ නැත. කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක පමණ සිට දෛනිකව වැඩිවෙමින් පවතින නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය.
Read Moreව්ලැඩිමීර් පුටින් ගෙන් රනිල්ට ලිපියක්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම සුබපැතුම් පණිවුඩය මගින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශක කර ඇත්තේ රුසියානු – ශ්‍රී ලංකා සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවයි. එසේම දෙරටේ ජනතාව වෙත ඵලදායී ලෙස ද්විපාර්ශ්වික සහයෝගීතාවය අපේක්ෂා කරන බවද මෙම සුබපැතුම් පණිවුඩය හරහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
Read Moreඉන්ධන සීමා කරයි – අගෝස්තුවේ සිට ඉන්ධන නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර ඇතැයි ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. දිනකට බෙදනු ලබන්නේ පෙට‍්‍රල් මෙට්ට්‍රික් ටොන් තුන්දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහසක් පමණක් බවද අත්‍යවශ්‍ය සේවා සහ කර්මාන්ත වැනි කටයුතු සඳහා නිකුත් කරන ප්‍රමාණය ද ඇතුළත් බව සංගමයේ ලේකම් ශාන්ත ද සිල්වා මහතා පැවසීය. සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට අගෝස්තු මාසයේ සිට සිට ඉන්ධන ගෙන්වීමට මුදල් නැති බවත්ය.
Read Moreවිරෝධතා සදහා අවසර දෙන ස්ථාන නම් කරයි
සාමකාමී විරෝධතා වලට තමන්ගෙන් බාධාවක් නැති බවත් රජයේ දේපළ අත්පත් කරගැනීම නොකරන ලෙසත් ජනපති රනිල් වික්‍රමසිංහ දන්වා ඇත. විහාර මහදේවී උයන – නවනගර ශාලාව – හයිඩ් පාක් – කැම්බල් පිටිය විරෝධතා සඳහා පවරන බවද ඔහු දන්වා සිටියි. මේ බව පැහැදිලි කිරමින් ජනපති මාධ්‍යඅංශය නිකුත් කළ නිවේදනය පහතින්
Read Moreහිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වෙත පැමිණිල්ලක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ මෙරට පැවති යුද්ධයේ අවසන් කාලසීමාවේ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබද චෝදනා කරමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පැවසුවේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබද ව්‍යාපෘතිය නමැති දකුණු අප්‍රිකාව පදනම් කර ගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් එම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.
Read Moreජනපති ලේකම් කාර්යාලයේ කටයුතු යළි ඇරඹේ
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25)යළි ආරම්භ වෙයි. ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණි. කෙසේ වෙතත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.
Read Moreපාසල් අද සිට යළි විවෘතයි
අද(25) සිට නැවතත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, අදින් ආරම්භ වන පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්තින්දා දිනවල පමණක් වන බවයි. අනෙක් දින දෙකේ එනම් බදාදා සහ සිකුරාදා දිනයන්හි නිවෙස්වල සිට ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දෙන බවත් නැතහොත් මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණ කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය. මේ අතර, දකුණු පළාත් සභාවට අයත් සියලු පාසල් අද සිට ලබන 29 වැනිදා දක්වා, සතියේ දින පහේම පැවැත්වීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා අද…
Read More