අධිආරක්ෂිත කලාප ගැන මානව හිමිකම් කතා කරයි

අධිආරක්ෂිත කලාප ගැන මානව හිමිකම් කතා කරයි

අලුතින් නම් කළ අධිආරක්ෂිත කලාප හේතුවෙන් ශ්‍රිලංකා පුරුවැසියන්ගේ මුලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් සදහන් කරයි. අධිආරක්ෂිත කලාප නම් කිරීම ට රාජ්‍ය රහස් පනත යටතේ සිදුකළ නොහැකි බවට එම කොමිසම නිවේදනක් නිකුත් කරමින් දන්වා සිටියි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැඩි අවධානය යොමු කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

බොර තෙල් මිල පහතට
|

බොර තෙල් මිල පහතට

ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුවෙමින් පවතින අනුමානය හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් අද (26) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බොහෝ ආර්ථිකයන් හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස දැක්වෙයි.

මන්දපෝෂණය දුරලන්න දියවන්නාවේ මාළු අල්ලයි

මන්දපෝෂණය දුරලන්න දියවන්නාවේ මාළු අල්ලයි

මන්දපෝෂණය සහ ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇත. පාර්ලිමේන්තු අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද වැඩිවී ඇති අතර මෙම තත්වය වහාම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් අදාළ අංශවලට උපදෙස් දී ඇත. මෙහි මූලික පියවරක් ලෙස දියවන්නා ජල තීරයෙහි බොහෝ ස්ථානවල අධි ආරක්ෂක කලාප…

ගෑස් ඉල්ලුම පහළට

ගෑස් ඉල්ලුම පහළට

ගෑස් ඉල්ලුම සියයට 10 කින් පමණ අඩුවී ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පිරීස්  කියාසිටියේ මාස 6 කට පසු මෙරට ගෑස් ඉල්ලුම මෙලෙස පහල ගොස් ඇති බවයි.

ත්‍රිපෝෂ නිකුත් කිරීම අත්හිටුවයි

ත්‍රිපෝෂ නිකුත් කිරීම අත්හිටුවයි

ත්‍රිපෝෂ බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට ත්‍රිපෝෂ සමාගම තීරණය කර තිබෙනවා. ත්‍රිපෝෂවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් එය අවසන් වන තුරු ත්‍රිපෝෂ බෙදාහැරීම තාවකාලිකව අත්හිටවූ බවයි ත්‍රීපෝෂ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු  පැවසුවේ. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන මෙම පරීක්ෂණයෙන් අනතුරුව ත්‍රිපෝෂ බෙදාහැරීම යළි ආරම්භ කිරීමට නියමිතයි.