ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි

food

ශ්‍රී ලංකාවේ සෑම පවුල් දහයකින් පවුල් හතරක් ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්, ඉහළ යන ආහාර සහ ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙලෙස ජනතාව ආහාර අනුභවයෙන් ඉවත්ව යමින් සිටින බව ය. ඉදිරියේදී මෙරට තත්ත්වය තවත් අයහපත් තත්ත්වයට පත්විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි. ශ්‍රී ලාංකිකයන් අතර ආහාර වේල අවිනිශ්චිත තත්ත්වයක පවතින බව අවධාරණය කරමින් ලෝක ආහාර වැඩසටහන පවසන්නේ, රට පුරා ආහාර මිල ගණන් ඉහළ මට්ටමක…

Read More

මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව

urea

මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ඉරානය  සිය එකඟත්වය පළ කළේ ය. ඒ, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හා අමාත්‍ය මහින්ද අමරවීර අතර අද පැවති සාකච්ඡාවකදී ය. සාකච්ඡාවේදී යූරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යූරියා පොහොර සපයා ගැනීමට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ සම්බන්ධව අදහස් පළ කළ ඉරාන තානාපතිවරයා ඉදිරි කාලය තුළ රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යූරියා පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළ බව, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Read More

රටේ ජනාතවට වෙනසක් අවශ්‍යයි

vannila-aththo

රටේ ජනාතවට වෙනසක් අවශ්‍ය බැවින් වහාම මැතිවරණයක් පවත්වන ලෙස වැදි නායක වන්නිලා ඇත්තෝ සදහන් කළේය. බදුල්ලේ පැවැති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් වැදි නායකයා මේ බව ප්‍රකාශ කළේය.

Read More

සමෘද්ධිය රු.4500 යි ඔවුන්ගේ බදුබර රු.6700යි

vat

ශ්‍රී ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත් විට රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා සමෘද්ධියෙන් රුපියල් 4500ක් ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී සියයට 42කින් පමණ වැඩිවී ඇතැයි අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක් (සිවු දෙනකුගෙන් යුතු) මාසයකට රුපියල් 28,000 බදු මුදලක් රජයට ගෙවන බව එම පරීක්ෂණයේදී තොරතුරු හෙළිවූයේ යැයි මහාචාර්යවරයා පෙන්වා දෙනවා. භාණ්ඩ මිල ඉහළයාම නිසා ජනතාව මත පැටවුණු වක්‍ර…

Read More