කාසල් රෝහලේ විදුලිය කපන්න ආසන්නයි

කාසල් වීදීයේ කාන්තා රෝහලේ ලක්ෂ 170ක් වන විදුලි බිල වහාම නොගෙවන්නේ නම් නොදන්වා විදුලිය විසන්ධි කරන බවට දැනුම් දී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය අගෝස්තු මාසයේ සිට විදුලි බිල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන නොලැබුණු බැවින් මාස කීපයක විදුලි බිල එකතු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යංයේ සේවක වැටුප් ගෙවීමෙන් අනතුරුව විදුලි බිල සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන බවට පොරොන්දු වී ඇති බව පැවසුවත් ලබන සතිය තුළ විදුලි බිල ගෙවීමට නොහැකි වුවහොත් කාසල් වීදියේ කාන්තා රෝහලේ විදුලිය කුමන මොහොතක හෝ විසන්ධි වනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන්…

Read More

සංඝයාට සිවුරු හැඳගත් බට්ටන් කීවාට සජිත්ගේ අප්‍රසාදය

sajith premadasa news sinhala

පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Read More

සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථසාධකයටත් විදලා

government information center

ලංකා ධීවර සංස්ථාව සේවක අර්ථසාධක අරමුදලට(E.P.F) සහ සේවක බාරකාර අරමුදලට (E.T.F) රුපියල් කෝටි 60 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. එම අරමුදල්වලට එලෙස මුදල් ගෙවීම පැහැරහැරීම නරක පූර්වාදර්ශයක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඒ මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපතිවරයා මේ අනුව ධීවර සංස්ථාවේ ප්‍රධානීන්ට නියම කළේය.

Read More