සිවුරු ඇදගත් බට්ටො යනුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලාට පෙර දින ආමන්ත්රණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද දිනයේද ඇතැම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ මහතා කියා සිටියේ අංගුලිමාල සිවුරු දරාගෙන බුදුරාජණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ බවකි. එමෙන්ම පරාක්රමබාහු රජතුමා භික්ෂූන් වහන්සේලාට මරණ දඩුවම දුන් බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
Read MoreDay: November 29, 2022
කිරිපිටි මිල යළි ඉහළට
දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. රුපියල් 975 ක්ව පැවති දේශීය කිරිපිටි ග්රෑම් 450 පැකට්ටුවක් රුපියල් 175 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව දේශීය කිරිපිටි ග්රෑම් 450 පැකට්ක නව මිල රුපියල් 1150 ක් බවට පත්ව ඇති බවත් දේශීය කිරිපිටි සමාගමක උසස් නිළධාරියෙකු සඳහන් කළේය.
Read Moreවිහාර දේවාලගම් පනත සංශෝධනයට
විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සියලුම නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් සකස් කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. මේ අතර සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව ඒකමතිකව සිදුකරන ලද සංශෝධන අනුව නව කෙටුම්පතක් සැකසීමට ද කැබ්නට් අනුමැතිය ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
Read More