අලුත්ගම ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගය ජලයෙන් යටවී තිබූ අයුරු. මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟී ජනතාව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් ගමන් කිරීමට නොහැකිව මහත් අපහසුතාවට පත් වූහ. සුළු වැස්සක දී පවා අලුත්ගම දුම්රියපළේ පියගැටපෙළ ආසන්නය දක්වා ජලය ගැලීමෙන් මඟී ජනතාව නිරන්තර පීඩා විඳිති. දුම්රිය ස්ථානය අසල මාර්ගයේ ජලය බැසයාමට නිසි ක්‍රමවේදයක් නොමැතිකම මීට හේතුව බව දුම්රිය මඟීහු පවසති.
Read MoreDay: December 6, 2022
තිරික්කල්කරුවෝ පොලිසියට පරදිති
ගෝනදූව මිල්ලනිය ප්‍රධාන මාර්ගයේ නීති විරෝධී අන්දමින් තිරික්කල් රේස් පදිමින් සිටී පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 25 ත් 35 ත් අතර පුද්ගලයන් පිරිසකි. රේස් පැදීම සදහා භාවිතා කළ හොඳින් වැඩුණු ගවයන් පස් දෙනෙකු සහ තිරික්කල පහ ද පොලිස් භාරයට ගෙන තිබේ. ප්‍රදේශයේ මහජනයා ගෙන ලද පැමිණිලි මත එදින අලුයම ගෝනදූව ප්‍රදේශයේ රැක සිටි පොලිස් කණ්ඩායම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
Read MoreIMF ඇතුළු ප්‍රබලයින් ලංකාවට දුන් විසඳුම
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (06) කොළඹදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම” සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය. ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර්, ආසියානු…
Read Moreඅවිධිමත් ඇඟ තලන තැන් නිසා ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක්
මහරගම නගර සභා බල සීමාවේ ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන (ස්පා) මධ්‍යස්ථාන පන්සිය හැට අටක් දැනට පවත්වාගෙන යන අතර ඉන් ස්ථාන රැසක් අවිධිමත් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව මහරගම නගර සභාවේ (ශ්‍රී .ල.නි.ප ) නාගරික මන්ත්‍රී චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය පැවසුවාය. ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් නීත්‍යනුකූල අවසරයක් ලබාගත යුතු වුවත් ඉන් ස්ථාන 564 එම අවසරය ලබාගෙන නොමැති බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටී. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ස්පා පුවරු ප්‍රදර්ශනය කරමින් මහරගම නගර සභා සීමාව තුළ දැනට…
Read Moreකථානායකගෙන් විශේෂ නිවේදනයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A(1)(f) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට රජය සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය නොකරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟතාවයෙන් පත් කිරීම සදහා විශේෂ රැස්වීමක් 2022 දෙසැම්බර් 8 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1හි පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පෙරවරුවේ නිවේදනය කළේය. එහිදි සාකච්ඡා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් ලෙස අදාළ මන්ත්‍රීවරයා පත් කර ගැනීම සදහා විපක්ෂ නායකවරයා අයත් සමගි ජනබලවේගය සහ රජය නියෝජනය නොකරන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් එම රැස්වීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් කථානායකවරයා නිවේදනය…
Read Moreඅඩු පීඩන කලාපය සුළි කුණටුවක් දක්වා වර්ධනය වෙයි
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් හා සුළි කුණටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය නිරිතදිග බෙංගාල බොක්ක හරහා ගොස් අනිද්දා (8) වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි බලපෑමෙන් උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල හෙට (7) සහ අනිද්දා (8) තද වැසි හා සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක…
Read More