අධික ශීත කාලගුණය දරාගත නොහැකිව ගවයින් සහ එළුවන් විශාල පිරිසක් මියගොස් ඇත. කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවල පමණක් එලෙස මියගොස් ඇති ගවයින් සංඛ්‍යාව 250 කට ආසන්නයි. මෙම දිස්ත්‍රික්කවල එළිමහන් ගවමඩු රැසක් පවතින බවත්, එවැනි ගවමඩුවල සිටි ගවයින් මෙලෙස මියගොස් ඇත. වව්නියාවේ සහ කිලිනොච්චියේ උෂ්ණත්වය පවා දැක්වුණේ සෙල්සියස් අංශක 19 කටත් පහළ මට්ටමකයි. ජාත්‍යන්තර වායු දූෂණ මට්ටම් පරීක්ෂා කෙරෙන වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම තවමත් පවතින්නේ සැලකිය යුතු මට්ටමකයි. ඒ අතරින් ගම්පහ වායු දූෂණ මට්ටම 153 සීමාව ඉක්මවා ගොස් තිබුණා. ජාත්‍යන්තර දත්තවලට අනුව 101 ත් 200 ත් අතර…
Read MoreDay: December 10, 2022
ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව පා පන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියා සහ ආර්ජන්ටිනා කණ්ඩායම් සමත් විය. සුපිරි කණ්ඩායම් 08 තරග වදින අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු තරගය පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීලය සහ ලෝක පාපන්දු අනුශූරයින් වන ක්‍රොඒෂියාව අතරයි. මෙම තරඟයේදී සම්පූර්ණ කාලය තුළ කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය. ඒ අනුව අතිරේක කාලයේදී පළමු අර්ධයේ අවසන් විනාඩියේදී බ්‍රසීල ක්‍රීඩක නේමාර් තරඟයේ පළමු ගෝලය ලබාගැනීමට සමත් විය. කෙසේවෙතත් 117 වන විනාඩියේදී ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් ද බෲනෝ පැට් කොවින් ගෝලයක් වාර්තා කළා. ඒ අනුව තරඟයේ අතිරේක කාලය නිමා වුණේද කණ්ඩායම් දෙකම එක් ගෝලයක්…
Read More400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට
ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව 400g ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240 කි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ බද්ද ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති බවයි.
Read More‘මැන්ඩවුස්’ බලපෑම පහළට – වැසි සමඟ තද සුළං
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. මෙම සුළි කුණාටුව අද (10) අළුයම් කාලයේ දී උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කර ඇත. එය ක්‍රමයෙන් දුර්වල වන බවද ඔහු කීය. එසේ වුවත් අද (10) දිනයේදීත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවන බව කරුණානායක…
Read More