කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන විසි පහක් සංවර්ධනය කෙරෙමින් ඉදි කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික සමාගමක් ඩොලර් බිලියන 2.5ක මුදලක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටිනවා.
Read MoreDay: January 27, 2023
නිදහස් සැමරුම්වලට ජනපතිගෙන් කොන්දේසියක්
75වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවවලට අද උපදෙස් ලබා දෙන ලදි. දේශපාලන අධිකාරිය මෙන්ම නිලධාරීන්ගේ ද ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ, නිදහස් දින උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත සාකච්ඡාවේදීයි. 75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මකකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.…
Read Moreඋසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලිය කැපීම නතර කරගන්න බැරිවෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වී අද 5 වන දිනයයි. එහෙත් අද වන තුරුත් දරුවන්ට විභාගයට මුහුණදීමට සිදුව ඇත්තේ විදුලි කප්පාදුව මධ්‍යයේයි. විභාගය ආරම්භ වීමට පෙර සිටම සිසුන් මෙන්ම වෘත්තිය සමිති හා විවිධ සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටියේ උසස් පෙළ සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙසයි. එහෙත් අවම වශයෙන් රාත්‍රී කාලයේ හෝ සිදුවන පැය 1 යි විනාඩි 20 කට ආසන්න විදුලි කප්පාදුව නතර කර ගැනීමට මෙතෙක් හැකිවී නැහැ. නෙ ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු අවධාරණය කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තුරු අඛණ්ඩව…
Read Moreෆේස්බුක් පෝස්ට් දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට
75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read More