රට ඉඳි බදු අඩුවෙයි

රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබේ. එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මෙි තීරණය ගෙන ඇත. මෙම බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

මැතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

election

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර ඇත. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ් අනුව  කල් දැමුණ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට සුදුසු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත දැනුම් දීමට අද පැවති මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමේදී තීරණය කොට ඇත.

Read More

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්

රියදුරු බලපත්‍ර ලංකාව පුරා සිටින ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදීමේ වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න තවදුරටත් සදහන් කළේ, “පුද්ගලයින් 50 දෙනෙකු සඳහා නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා එහි කාලය මේ සතියේ අවසන් වුණා. ඒ පුද්ගලයින් 50 දෙනා ඉතාමත් සාර්ථකව වාහන ධාවනය කරලා තිබුණා. කිසිඳු අනතුරක් සිදුවෙලා නැහැ. එහි සාර්ථකත්වය මත මුළු ලංකාවටම ඒ රියදුරු බලපත්‍රය. බිහිරි පුද්ගලයින් සඳහා ලබාදීමේ වැඩපිළිවෙල මේ සතියේ සිට ආරම්භ කරනවා.ඒ වගේම රියදුරු බලපත්‍ර හිමි පාද අහිමිවූ රණවිරුවන් සඳහා අවුරුදු…

Read More