ඉන්ධන අලෙවිය අඩු වෙයි

ඉන්ධන අලෙවිය අඩු වෙයි

ගතවූ මාස 13 ක කාල සීමාව තුළ ඉන්ධන අලෙවිය අඩුවී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ඒ අනුව ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින් සහ පෙට්‍රල් අලෙවිය සියයට 30කින් අඩුවී ඇති බවයි එම සංස්ථාව නිවේදනය කර ඇත. ඊට අමතරව භූමිතෙල් අලෙවිය සියයට 70කින් පමණ අඩුවී ඇත.

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන හැටන් ප්‍රදේශයට තද වැසි පතිත විය. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය මාස කිහිප තුල පැවති අධික වියළි කාලගුණයත් සමග හැටන් ප්‍රදේශයට පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සිදියාම නිසා හැටන් ජල සම්පාදන මණ්ඩලය විසින් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට දිනකට වරක් සිමා කර පානිය ජලය ලබාදිම නිසා එම පාරිභෝගිකයන්…

ඉන්ස්ටග්‍රෑම් බිඳවැටෙයි

ඉන්ස්ටග්‍රෑම් බිඳවැටෙයි

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙටා සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් යෙදවුමේ සිදුවූ මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් පරිශීලකයින් දහස් ගණනකට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා කරයි. එම බලපෑමට ලක්වූ පිරිසෙන් බහුතරයක් අමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පරිශීලකයින් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එළඹෙන 14 වන දා දුම්රිය වර්ජනයක්

එළඹෙන 14 වන දා දුම්රිය වර්ජනයක්

එළඹෙන මාර්තු 14 වැනිදා දුම්රිය වර්ජනයක් පැවැත්වීමට නියමිත බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. විතානගේ මහතා කියා සිටී. රජයේ නව බදු ප්‍රතිපත්තිය, ඉහළ දැමූ බැංකු පොලී අනුපාතය, දරාගත නොහැකි විදුලි බිල යනාදී රජයේ අමානුෂික මර්දනකාරී ක්‍රියා පිළිවෙත ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගනිමින්, ඊයේ සිට ක්‍රියාත්මක කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ග වල දිගුවක් ලෙස මෙම වර්ජනය…

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල සියලුදෙනා ලකුණු 355යි

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල සියලුදෙනා ලකුණු 355යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා සියලුදෙනා ලකුණු 355ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිතිකරුවන්‌ ලකුණු රැස්කර ගත්තේ මෙසේය, කුසල් මෙන්ඩිස් ලකුණු 87යි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 50යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47යි. ධනංජය ද සිල්වා…

දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවෙයි

දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවෙයි

ඉකුත් වසර දෙකට වඩා මේ වසරේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තිබෙන බව එම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසුවේය. වයස අවුරුදු දෙකත් පහත් අතර බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය ඉකුත් 2020 වසරට වඩා මේ වසරේදී තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.එය ප්‍රතිශතයක් ලෙස…