ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ. FIFA සමුළුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අයිතිය අත්හිටුවීමට 73 වැනි සමුළුවේ දී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස් වුණා. මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිය ඡන්ද අයිතිය අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 197ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.
Read MoreDay: March 17, 2023
හිඟ ඖෂධ 146ක් මෙරටට ; පිළිකා ඖෂධ 31 ක් තවමත් නැහැ
මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, පිළිකා නාශක ඖෂධ වර්ග 31 ක් හිඟව පවතින බවයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි. දැනට හිඟව පවතින ඖෂධ වර්ගද ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පළ කළේ ය.
Read More