ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත. ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වෙයි. එහෙත් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් වන්නේ නැහැ. එබැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුව රුසියානු නායකයාට බලාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියානු…
Read MoreDay: March 18, 2023
ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි
ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “ද වයර්” සහ “ජෝන් වික්” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මියගොස් ඇත. “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ. ඔහුගේ මරණයේ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් TMZ වෙබ් අඩවිය පවසන්නේ රෙඩික් ලොස් ඇන්ජලීස් හි ස්ටුඩියෝ සිටි දිස්ත්‍රික්කයේ පිහිටි ඔහුගේ නිවසේ තම අවසන් සුසුම් හෙලූ බවයි.
Read More