පළාත් පාලන ආයතනවල නිල කාලය අදින්(19) අවසන්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව, නගර සභාවල බලය ආණ්ඩුකාරවරුන් යටතේ නාගරික කොමසාරිස්වරුන්ටත්, ප්‍රාදේශීය සභාවල බලය ප්‍රදේශීය සභාවේ ලේකම්වරුන්ටත් පැවරෙයි. නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සතුව තිබූ රජයේ වාහන භාර දෙන ලෙසට ඊයේ දිනයේ දැනුම් දී තිබුණා. එලෙස භාර නොදෙන පළාත් පාලන නියෝජිතයන් වේනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ.  

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන

earthquake in sri lanka

ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් සුළු භූ චලන දෙකක් වාර්තාවෙයි. ත්‍රිකුණාමලය – තඹලගමුව – තිඹිරිවැව ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ රික්ටර් මාපකයේ 3ක අගය ගත් සුළු භූ චලනයක් සිදුව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ. ඊයේ පස්වරු 6.46 ට කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් වාර්තාවූ භූ චලනය රික්ටර් මාපකයේ 2.6 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

Read More