ඉදිරියේදි දැනෙන ඉන්ධන සහනයක්

oil

අප්‍රේල් මාසයේ එළඹෙන උත්සව සමයේ දී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විදුලි බිල සඳහාද සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් සම්පත් පනත යටතේ වූ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින්.

Read More

නීති විභාගයේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රීති සම්බන්ධ යෝජනාව අනුමත කිරීම බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. යෝජනාව සම්මත කිරීමට විපක්ෂව ඡන්ද 113ක් හිමි වූ අතර පක්ෂව හිමි වූයේ එක් ඡන්දයක් පමණි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීම පිළිබඳව නීති අධ්‍යපන සභා ආඥාපනතේ 7 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයාගේ එකඟතාවයෙන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020 දෙසැම්බර් 30 දිනැති අංක 2208/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම රීති සම්බන්ධ යෝජනාව පසුගිය මාර්තු 10 වැනිදින පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග…

Read More

සමාගම් දෙකක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවය. මේ අතර ලංකා හොස්පිටල්ස් පීඑල්සී විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී. ලංකා…

Read More