බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තාවෙයි. බීමත් රියදුරන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා. ඉන් අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන් සහ ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් අවසර ලබා දී තිබුණි. එමෙන්ම, අදාළ වාහනය වෙනත් පුද්ගලයෙකුට නිදහස් කිරීමටද පොලිසියට හැකියාව පැවතියා. කෙසේ වෙතත් බීමත්ව රිය පැදවීම නතර කිරීමට සහ අනතුරු අවම කිරීම සඳහා එලෙස අත්අඩංගුවට පත්වන රියදුරන් පොලිස් ඇප ලබා…
Read MoreDay: March 26, 2023
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. එහිදී ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවය. 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත් වුණි. ඒ, එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබීම හේතුවෙනි. නීතීඥ සංගමයේ මීට පෙර සභාපතිධුරය හෙබවූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
Read MoreIMF ශ්‍රී ලංකාවේ දූෂණ ගැන වාර්තාවක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අල්ලස් නතර කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලක් රජය ඒකාබද්ධව සකස් කිරීම ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමේ දී අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පොරොන්දු වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් විසින් දින දහහතරක් තුළ අධ්‍යනයක් කරමින් අදාළ වාර්තාව සකස් කිරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමේ දී පවතින අඩු පාඩු සොයා ගනිමින් ජාත්‍යන්තර ආයතන එහි දී ගන්නා…
Read More