Day: March 27, 2023
නව පාසල් වාරය අද(27)වන දින ආරම්භ වෙයි
දෙදහස් විසි තුන (2023) වර්ෂයේ නව පාසල් වාරය 27වන දින ආරම්භ විමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ද නව පාසල් වාරයේ පලමු දිනයේ පාසල් වෙත උද්යෝගිමත් අයුරින් පාසල් වෙත පැමිනෙන අයුරු දක්නට ලැබින. හැටන් අධ්‍යාපන කලාපයේ ග්‍රාමිය, වතු හා නාගරික පාසල් සියල්ලේම නව පාසල් වාරය ආරම්භක දිනයේම සිසු සිසුවියන්ගේ පැමිනිම ඉතා ඉහල මට්ටමක පැවති බව හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා
Read Moreපළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැක – පැෆරල්
පළාත් පාලන ආයතන සහ පළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැකි බව පැෆරල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ආණ්ඩුව එවැනි තීරණයක් ගන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ මැතිවරණ පැවැත්වීම තවදුරටත් කල් යන බවයි.
Read MoreIMF ලැබුණු මුදල් ප්‍රමාණයට වඩා වටිනා වැඩපිළිවෙලක්
මෙරටට වැදගත් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ප්‍රමාණය නොව ඔවුන් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. එම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් තොරව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
Read Moreදුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ
රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අන්දමින් මේ වනවිට දුම්වැටි සහ මත්පැන් බදු ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි බද්ද ලෙස ජනතාවගෙන් උපරිම බද්දක් අයකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. එම බදු ඉහළ නැංවීම හේතුවෙන් ජනතාව නීත්‍යනුකූල නොවන මත්පැන් සදහා යොමුවී ඇතිද යන්න පිළිබදව ගැටලුවක් පැනනැගී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. එනිසා මත්පැන් සහ දුම්වැටි ආදායම 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් තවදුරටත් පහත වැටී ඇති බවද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
Read Moreබිත්තර හිඟ වුණු හේතුව
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල වෙළදපලේ පවතින බිත්තර හිගයට හේතුව බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයින් රැසක් එම කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවයි. කෙසේවෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ උත්සව සමයේ වැඩි මිලට අළෙවි කිරීම සදහා ඇතැම් බිත්තර නිෂ්පාදකයින් බිත්තර තොග සඟවා ඇති බවයි. මේ අතර මෙරටට ආනයනය කරන ලද පළමු බිත්තර තොගය ඉකුත් දා කොළඹ වරායට ළඟා විය. මේවනවිට එම බිත්තර තොගය නිදහස් කර ගැනීම සඳහා වන පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවයි වෙළඳ අමාත්‍ය නලින්…
Read Moreරාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්
රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කර ඇති බවය. මේ අතර මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
Read More