අකුණක් ජිවිතයකට ගෙනා ඉරණමක්

death

අකුණක් පිපිරීමත් සමඟම ඇති වූ විදුලි කාන්දු වීමකින් යාපනයේ කෝපායී පාරේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත් විය. ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එම අකුණ පිපිරී ගිය අවස්ථාවේ දී මියගිය පුද්ගලයා ගරාජයේ වාහනයක් අළුත් වැඩියා කරමින් සිට තිබෙනවා. ආත්තිසූඩී පාරේ පදිංචි සෙල්වරාසා සුජිදරන් නමැති වයස අවුරුදු 40ක් වන තිදරු පියෙක් වන ඔහු ගරාජයේ අයිතිකරු ද වේ. සිද්ධිය වූ ස්ථානයේදීම ඔහු මියගිය අතර මළ සිරුර යාපනය කෝපායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ශ්‍රමය (labour) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය

අජිත් පැරකුම් ජයසිංහ ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි. ශ්‍රමය සම්බන්ධ කාරණාවලදි වැඩිපුර ගැටලු තියෙන්නෙ කායික ශ්‍රමිකයාට වුණාට බුද්ධිමය ශ්‍රමිකයන්ට ගැටලු නැත්තෙ නැහැ. ඒ ගැන සංවිධානවලට හරි අවබෝධයක් නැහැ. නූතන ශ්‍රම ප්‍රවණතා ගැන තවම කාටවත් හරිහමන් විග්‍රහයක් නැහැ. ඒවා අධ්‍යයනය කර තිබෙන ප්‍රමාණය ඉතා අඩුයි. ලංකාවෙ පිළිගත් ශ්‍රම ප්‍රමිති සම්පාදනය කර තිබෙන්නෙ රාජ්‍ය සේවය සමග සන්සන්දනය කරමින්. ඒ වුණාට, රාජ්‍ය සේවයෙන් පිටතට ඒ ශ්‍රම ප්‍රමිතිවල බලපෑම අවමයි. ඒ නිසා තමයි, මාත් ඇතුළුවන බොහෝ ශ්‍රමිකයන් අදත්…

Read More

සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

corona

දෛනිකව යළිත් රට තුළ කොවිඩ් වෛරස රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි. මේ දිනවල දෛනිකව යම් කොවිඩ් වෛරස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බවත් එම තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවද වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි. මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ තවදුරටත් සඳහන් කළේ, “පසුගිය දින කිහිපය තුළ දී කොවිඩ් රෝගීන් යම් ආකාරයක දෛනිකව වාර්තා වීමේ තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. විශේෂයෙන් යාපනය රෝහලෙන් වාර්තා වුණා. කොවිඩ් මරණයක් වාර්තා වුණා. ඊයේ…

Read More

ජාතික වෙසක් සතිය ඇරඹේ

wesak

ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වෙයි. අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි. මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

Read More