ICCPR පනත අනුව නඩු පවරන්නැයි ඉල්ලීමක්

law هرسفشلقشو

දණ්ඩ නීති සංග්‍රහය අනුව නොව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අනුව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව වහාම නඩු පවරන්නැයි පිවිතුරු හෙළ උරුමය පොලීසියෙන් ඉල්ලීමක් කරයි. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ජනතාව අතර ආගමික ගැටුම් ඇති කිරීමට පොළඹවන පුද්ගලයින්ට එම පනත හරහා වසර 10 ක සිර දඬුවමක්ද ලබාදිය හැකි බවයි. මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කිසිවක් ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසයි.

Read More

අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගෙන අදට වසර 14ක්

මීට වසර 14ට පෙර මැයි මස 19 වැනිදා අද වැනි දිනෙක අපේ රටේ මිනිස්සු ගමක් නගරයක් ගානේ කිරි බත් පිසිමින් රතිඤ්ඤා පත්තු කරමින් යුද ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තා. මනුස්සකම් ගුණදහම් හඳුනන ශ්‍රී ලංකාවේ මළගමක් වෙනුවෙන් කිරි බතක් පිසුවේ නම් ඒ 2009 වසරේ මැයි මස 19 වැනිදාය. ඊළාම් සිහිනය වෙනුවෙන් වසර 33 ක් මාස 9 ක් සහ සති 3 ක් පැවති කුරිරු යුද්ධය නිමාකර අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගන්නේ මීට 14 වසරකට පෙරයි. 1983 වර්ෂයේ දී දෙමළ සටන්කාමීන් කියාගත් වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් යුද හමුදා සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමේ…

Read More

“කළුවර ජූලිය” ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

kanchana

විදුලිබල වෘත්තීය සමිති පැවැසූ කළුවර ජූලිය උදා නොවන බවත් එම සදහන් කළ මතය අසත්‍යක් බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි. මෙම වසර සඳහා අවශ්‍ය සියලුම ගල්අඟුරු තොග ලැබී ඇති බවත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය 30 වැනි ගල්අඟුරු නෞකාවේ ගල්අඟුරු මේ වනවිට ගොඩබාමින් පවතින බවද අමාත්‍යවරයා සදහන් කරයි. මෙරටට ගල්අඟුරු ගෙන්වාගැනීමට නොහැකි වීම හේතුවෙන් “කළුවර ජූලියක්” බලාපොරොත්තු වන ලෙස විදුලිබල වෘත්තීය සමිති මීට පෙර සදහන් කළේය.

Read More

ඉදිරියටත්, කැබිනට් අමාත්‍යාංශ 30 ක් පමණයි

ඉදිරියටත් , කැබිනට් අමාත්‍යාංශ 30 ක් පමණක් තිබීම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග පැවති සාකච්ඡාවකදී යි. බිඳ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදා කර ගත හැකි බව ද, ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

Read More

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන පුද්ගලයින් ගැන සෝදිසියක්

money converter

ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණු සුබසාධක ප්‍රතිලාභ දීමනාව ගෙවීම් සඳහා වන සංගනණය කරන ලද තොරතුරු නැවත පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නැවත පරීක්ෂා කළ අයදුම්පත්‍ 158,000 දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි. “ලැබුණු අයදුම්පත නැතිනම් ගෙවල්වල විස්තර 88,000ක ප්‍රමාණයක් අපේ දත්ත පද්ධතියට ඇතුළු කරලා තිබෙන බවත් ඊයේ දවස තුළ 69,000ක විතර ප්‍රමාණයක් දත්ත පද්ධතියට ඇතුළු කර ඇති බවත් තව දවස් 5, 6කින් මේ ක්‍රියාවලිය අවසන් වන බවත් ඊට පසු සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්…

Read More