කොවිඩ් රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළත් තවමත් සෑම විනාඩි හතරකට සැරයක් කොවිඩ් රෝගය හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයකු හෝ මියයන බව නිල වාර්තා පෙන්වා දී ඇත. වෛරසය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නොමැති අතර අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සහ එන්නත්කරණය අවම රටවල් තවමත් කොවිඩ් රෝගය හේතුවෙන් අවදානමේ පසුවන බව එම වාර්තාවල සඳහන් වේ.මතු වී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නම් බොහෝ පිරිසකට අඩු අවදානමක් ගෙන දෙන නමුත් කොටසකට දැඩි අවදානමක් ගෙන දෙන වෛරසයක් හසුරුවන්නේ කෙසේද යන්න බව විශේෂඥයෝ පවසති.දැඩි අවදානමට ලක් වන…
Read MoreDay: May 24, 2023
ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්, ජීවන වියදම ඉහළ යෑමත් හේතුවෙන් අන්ත දුක්ඛිත තත්ත්වයට පත්ව සිටිති. මේ ඒ පිළිබඳව කළ සොයාබැලීමකි. ‘නිදහස් වෙළෙඳ කලාපය’ එහි නමයි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු ලෙස සිය උපන් ගමේ නිදහසේ වාසය කළ නොහැකි වූ විට, ඔහු මේ කලාපයට පා තබන්නේ ආර්ථික නිදහසත් සමාජීය නිදහසත් සොයාගැනීමටය. “මම කලාපෙට ඇවිත් මාස නමයක් විතර වෙනවා. මෑන් පවර් කෙනෙක් විදියට වැඩ…
Read MoreICCPR භාවිතය හා අවභාවිතය
සුළං කපොල්ල | The wind flow
දිවයින පුරා හදිසි මෙහෙයුම්
රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ -පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි. එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩය ක්‍රියාත්මක කර තිබේ. සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මනුෂ්‍ය ඝාතකයින්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම දියත්කර තිබූ බවද පොලීසිය පවසයි.
Read Moreදුම්රිය ගාස්තු සංශෝධනය ගැන ප්‍රකාශයක්
බස් ගාස්තු වලට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම ගාස්තු සංශේධනය සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බව අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Read More