පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක්

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අනිද්දා (02) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි. ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල හා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇති. අනුරාධපුරයේ සිට ද කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. පොසොන් සැමරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අනුරාධපුරය ඇතුළු අටමස්ථානය මෙන්ම මිහින්තලය ආශ්‍රිතව පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසුවේ ය.

Read More

ආදීවාසීන්ගේ වේලක වියදම මිහින්තලයට දෙයි

vannila-aththo

මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි. රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක්. මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බවට රජයේ වගකිවයුතු නිළධාරින් පැවසීමත් සමඟ පොසොන් උත්සවය සංවිධානය කර ගැනිම වෙනුවෙන් ආධාර එකතු කර ගැනිම වෙනුවෙන් මහ සඟරුවන පිඬු සිඟා වැඩිම සම්බන්ධයෙන් ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී…

Read More

සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස්

ol-exam

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් සිසුන් 25157 දෙනකු ඉල්ලුම් කර තිබූ බවද අමිත් ජයසුන්දර මහතා කීය.

Read More