දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතුව ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බහුතරයක් නිදහස් කිරීම් ඉවත් කරමින් එකතු…
Read MoreDay: June 6, 2023
ඓතිහාසික ඇහැලේපොල වලව්ව ශ්‍රී දළදා මාලිගාවට
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසයි. එය ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විත වේ. මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී (ක්‍රි.ව.1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබු අතර පසුකාලීනව සිර මැදිරියක් හා බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස මෙම…
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීමට නාවික හමුදාව එක්ව බෝට්ටු සහ අවශ්‍ය පියවර යොදවා තිබේ. යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වුවහොත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන අංකය වෙත…
Read Moreමම පියානෝ වාදනය කරනවා, ඇයයි මගේ ආදරවන්තිය – ඇන්තනි හෝප්කින්ස්
සුභාෂිණි චතුරිකා ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගන ශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය නිසා ඔහු මහත් ජනප්‍රසාදයට පත් වු අතරම 1991 වසරෙදි ඔහුගේ එම විශිෂ්ඨ රංගනය නිසා ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ද පිදුම් ලැබීය. ඔහුගේ දායක්තවය සැපයුණු චිත්‍රපට සමුහය අතරින් The Mask of Zorro, The Bounty, Meet Joe Black, The Elephant Man, Magic, 84 Charing Cross Road, Bram Stoker’s Dracula, Legends of the Fall, Thor, The Remains of the…
Read Moreඅජිත් තිලකසේන යනු කවු ද?
– අරුණ ප්‍රේමරත්න – අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. ‘වතුර’ නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා. අජිත් තිලකසේන නොමැතිව සිංහල කෙටි කතාව ගැන හැදෑරිය යුතු යැයි විෂය නිර්දේශය සකසන ආචාර්ය මහාචාර්යවරැන් තීරණය කර තිබීම නිසා ඔහු තරැණ පරපුරට අතපසු වීම පුදුමයක් වන්නේ නැහැ. සිංහල සාහිත්‍යයට…
Read More