රටේ දේශපාලනයට එන සියලුම දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. එය ආරම්භ කිරීම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමේ දී සිදු කරන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛය මගින් බදු ගෙවිය හැකි අපේක්ෂිත කාණ්ඩ 14කට බදු ගොනු විවෘත කිරීම අනිවාර්යය කළ අතර බදු ගොනුවක් විවෘත කිරීම, බදු ගෙවීම අනිවාර්ය කිරීමක් නොවන බවද තවදුරටත් සදහන් කරයි.
Read MoreDay: June 7, 2023
Gmail ගිණුම් කිහිපයක පාලනය හැකර්වරුන් යටතට
Gmail ගිණුම් සඳහා සත්‍යාපන සලකුණ (Blue Checkmark) ලබාදීමට ගූගල් ආයතනය කටයුතු කර තිබුණි. නමුත් එසේ සත්‍යාපන සලකුණ ලබාදුන් ගිණුම් හැකර්වරුන්ගේ පාලනයට හසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හැකර්වරුන් විසින් මුදල් වංචා කිරීම් සහ මුරපද සොරකම් කිරීමට මෙම ගිණුම් භාවිතා කර තිබේ.
Read More