තලෙයිමන්නාරම තොට- කොළඹ නව දුම්රියක්

thaleimannr

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි. වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් ද දෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරි දෙකකින් හා දෙවන , තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි වලින් ද මෙම දුම්රිය සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

Read More

මේ දිනවල පැතිර යන වෛරස් රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්

Coronavirus-in-India

වෛරසයක් මගින් පැතිර යන රෝගී තත්ත්වයක් මේදිනවල පැතිර යාමේ සම්භාවිතාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. මුඛයේ, දෙඅත් සහ දෙපාවල රතු ලප ලෙස හෝ බිබිලි ලෙස එම වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ. කෙසේවෙතත් මෙම රෝගයෙන් දරුණු අතුරු ආබාධ තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් බියවිය යුතු නොමැති බව ද බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පැවසුවා.

Read More

ලෝක පිරිසුදු කිරිමේ දිනයට සමගාමිව ශ්‍රමදානයක්

ලෝක පිරිසුදු කිරිමේ දිනයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය සුද්ධ කිරිමේ ශ්‍රමදානයක් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පවත්වන ලදි. සැම වර්ෂයකම සැප්තැම්බර් මස තෙවන සෙනසුරාදාට යෙදෙන ලෝක පිරිසිදු කිරිමේ දිනය මෙවර මේ මස 16වන දිනට යෙදි තුබු අතර අක්‍රමත් ලෙස වෙරළට, ගංගා ආශ්‍රිත, වනාන්තර හා වීදිවලට මුදාහරින අප්‍රදව්‍ය පිරිසිදු කිරිම මෙවර  තේමාව ලෙසද සටහන්ව ඇත. එම තේමාව මත ලොව පුරා රටවල් 164ක් මෙම පිරිසිදු කිරිමේ වැඩ සටහනට එක්ව ඇති අතර ශ්‍රිලංකාව තුල මෙම පිරිසිදු කිරිමේ ජාතික ව්‍යාපෘති  වැඩ සටහනට…

Read More

මෙරට ජනතාවට තමිල්නාඩුවෙන් ගෙවල්

india-srilanka

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින්ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන තිබේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකළේය.‍ ඒ අනුව ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා අතින්විවෘත කර තිබේ. තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක මෙම නිවාස ඉදිකර ඇති බව සඳහන්ය. පසුගිය 2021 වර්ෂයේ දී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා වූ…

Read More

මත් පැන් හලක් නිසා විරෝධතාවයක්

හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් මත් පැන් හලක් ආරම්භ කිරිමට කර ඇති සැලසුමට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ පිරිසක් 16වන දින නිහඩ විරෝධතාවයක් දක්වන ලදි. කුයිල්වත්ත ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හල අසල මෙම නව මත් පැන් හල ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත් මෙම ස්ථානයේ මෙසේ නව මත් පැන් හලක් විවෘත කිරිමෙන් මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත් විමේ අවදානමක් පවතින බවද එම පිරිස් පවසති. එමෙන්ම මෙම නව මත් පැන් හල ආරම්භ කිරිමට විරෝධය පල කරමින් ඉදිරියේදි දැවැන්ත උද්ගෝෂයක් කිරිමට බලාපොරෝත්තු වන බවද එම පිරිස් වැඩි දුරටත් පවසති. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More