රේගුවේ සමහර සේවකයෝ පැය 24ම ඕටී අරගෙන

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. කෙසේ වෙතත් එම වියදම තහවුරු කිරීමේ සාක්ෂිය වන සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි. රේගුවේ අංශ හතරක සේවකයන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනයන් ද සහිතව සෑම දිනකම සේවයට වාර්තා කර තිබූ බව පැමිණීමේ සහ පිටවීමේ ලේඛන අතිකාල ලේඛන සහ නිවාඩු ලේඛන පරීක්ෂාවේදී පෙනී ගියේ යයි එහි සඳහන්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 08කට ICCයෙන් චෝදනා

ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ICC විසින් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා කර තිබේ. චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ද ඒ අතර සිටින බවයි වාර්තා වෙයි. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය ( ECB) වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අබුඩාබි T10 ලීග‍යේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ නිලධාරීන් අට දෙනෙකුට චෝදනා කර ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් ICC විසින් නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියා (DACO) විසින් පහත සඳහන් චෝදනාවන් එල්ල කර සිටියි. 2.1.4 වගන්තිය…

Read More

වගා නොකරන ඉඩම් වලට බද්දක්

news updates sri lanka sri lanka news lk

මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක් හේතු මත වගා නොකර අතහැර දමා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයිද…

Read More