දවස් 3යි ලක්ෂ 60යි ආදායම
බත්තරමුල්ල දියත උයන පරිශ්රය පසුගිය සතියේ කර්මාන්ත පුරයක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්තරයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැටයම් නිර්මාණය. යකඩවලින් තැනුණු ගෘහ භාණඩ, මුළුතැන්ගෙයි උපකරණ, බිත්ති සැරසිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදිපිළි මෙකී නොකී දහසකුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…