ගාල්ල ධිවර වරායේදි හදිසියේ රෝගිවිමෙන්  මියගිය ධිවරයාට හෘදයාබාධයක්

death

ගාල්ල ධිවර වරාය  පරිශ්‍රයතුලදි  හදිසියේ රෝගිවිමෙන්  මියගිය ධිවර කාර්මිකයාගේ මරණය වි ඇත්තේ හෘදයාබාධයකින් බැව්   පශ්චාත් මරණ පරික්ෂණයේ දි  අනාවරණය වි ඇත.

මිය ගිය ධිවර කාර්මිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  රෝහාන් රුවන්පුර මහතා විසින් කරණු ලැබිය.  හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් කරාපිටිය රෝහලේ දි සිදුකරණු ලැබිය.

මෙකි පුද්ගලයා ඉකුත් (23)වනදින  දහවල් ගාල්ල ධිවර වරාය පරිශ්‍රයතුලදි හදිසියේ රෝගිවිමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්  කරණු ලැබිය. රෝහලේ  හදිසි ප්‍රථිකාර ඒකකයේ දි මොහු මියගොස් ඇත.  කරාපිටිය රෝහලේදි මෙකි පුද්ගලයාගේ ජෛව  සාම්පල් පි. සි.ආර් පරික්ෂණ සදහා ලබාගෙන ඇති අතර   පෙරේදා (24) ලැබුණු පි.සි.ආර්. පරික්ෂන වාර්තා අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල නාගරික හදිසිමරණ පරික්ෂක වෛද්‍ය  බි.ජි.එන් කරුණාතිලක මහතා පවසයි.

මියගොස් ඇත්තේ අක්මිමන  බක්මිගහඕවිටවත්ත හිරළුගොඩ බටදුව  ප්‍රදේශයේ පදිංචි ආඩවත්ත කන්කානම්ගේ නිහාල් නැමති (61)දෙදරුපියෙකි.කළුආරච්චිගේ වසන්ත චන්ද්‍රකුමාර  (52) නැමැත්තා හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂිදෙමින් මෙසේ කිවේය.

මියගිය ආඩවත්ත කන්කානම්ගේ නිහාල් යන අය මා සමග ධිවර වරායේ සේවය කළ සේවකයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. 23වැනිදන වැඩට ආවා. ගාල්ල ධිවර වරායේ පි.සි.ආර්. පරික්ෂණ 22 වැනිදින කරලා තිබුනා.ඉන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව දැනගන්නට ලැබුනා. පසුව නම් ලියාගෙන ධිවර වරායෙන් එළියට දැම්මා එතන කලබලයක් තිබුනා. ඒ අතරතුර නිහාල් ගෙට්ටුව ළග වැටුනා. පසුව ඔහු රෝහල්ගත කිරිමට කටයුතු කළා.

මියගිය අයගේ බිරිදවන කෙලම්බි ආරච්ච්ගේ කමලාජයන්ති නැමැත්තිය ද සාක්ෂි ලබාදුන්නාය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත්මරණ පරික්ෂණය  හෘදයාබාධයකින් මරණය වි ඇති බවට තින්දු කළේය.

බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්,හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්,හබරාදුව ඒ.ඇල් ඒ ආරියරත්න,ඉමදුව කුමාර කොඩිතුවක්කු

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….