සුදර්ශන පැනිය රජයේ රෝහල් වල භාවිතයට ගැනීම බරපතල වෘත්තීය අපචාරයක්!

කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය” නැමැති ආයුර්වේද ඖෂධය යොදා ගැනීමට කටයුතු සකස් කරන බවට ප්‍රවෘත්තියක් පළ වී තිබුණි.

එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් මගින් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වි ඇත.

මෙම කරුණ විවිධ නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටලු රැසක් මතුකරනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය හා ආයූර්වේද වෛද්‍ය ක්‍රමය යනු ප්‍රධාන වෛද්‍ය ක්‍රම ප්‍රවාහයන් දෙකකි.

මෙම වෛද්‍ය ක්‍රම දෙක අතර මූලික සංකල්පමය වෙනසක් පවති. බටහිර වෛද්‍ය ක්‍රමයෙහි රෝගීන් සඳහා යම් ඖෂධයක් භාවිතා කිරීමට ප්‍රථම එම ඖෂධය පර්යේෂණ රාශියකට භාජනයට ලක්කළ යුතුව තිබේ.

මේවා හඳුන්වන්නේ Clinical Trial (සායනික පර්යේෂණ) ලෙසනි.

මෙම සායනික පර්යේෂණ වල පර්යේෂණ මට්ටම් ඇති අතර, ස්ථර කිහිපයකින් ඒවා සමන්විත වේ. මෙම ස්ථර කිහිපයක පර්යේෂණ මට්මමෙහි අත්හදා බැලීමෙන් පසුව යම් ඖෂධයක් රෝගීන් සඳහා භාවිතා කළ හැකි ද, එම ඖෂධයේ අතුරු ආබාධ කුමක් ද, එම ඖෂධයෙහි ඖෂධ විද්‍යාත්මක ගුණයක් තිබේද යන්න පරික්ෂාවකි.

මෙම පරික්ෂාවලින් අනතුරුව එම ඖෂධය මිනිස් භාවිතයට සුදුසු බවත්, මෙම ඖෂධය භාවිතා කිරීමෙන්
අතුරු ආබාධ ඇති නොවන බවත්, එම ඖෂධය යොදා ගන්නා රෝගය සඳහා අවශ්‍ය සුව කිරීමේ හැකියාව ඇති බවත් සනාථ කළ යුතුය.

ඉන් අනතුරු මෙම ඖෂධය යම් කිසි රටක ඖෂධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කළ යුතුය. මෙසේ ලියාපදිංචි කිරීමකින් තොරව භාවිතා කරන ඖෂධයක් නීති විරෝධී ඖෂධ ගණයට යටත් වන අතර, එවැනි ඖෂධ්‍යක් භාවිතා කරන වෛද්‍යවරයකුට ඖෂධ නියාමන නීතිරීති කඩන්නකු බවට පත්වේ.

එසේ නම් මෙම “සුදර්ශන පැනිය” බටහිර රෝහල්වල භාවිතා කිරීමට ප්‍රථම එය පිළිබඳ නිසි පර්යේෂණ ක්‍රමවේදයන් අනුගමනය කොට ඉන් අනතුරුව ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධයක් ලෙස එය ලියාපදිංචි කළ යුතු ය. මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඖෂධවේදය පිළිබඳ විශේෂඥවරුන්ට වැඩි දැනීමක් තිබිය යුතු ය.

අනෙක් කරුණ වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරයකුට තමන් පුහුණුව නොලැබූ වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් භාවිතා කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවා ඇති තහනමයි. මෙම කරුණ ලොවෙහි අනෙකුත් වෛද්‍ය සභා පවා දැඩිව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියකි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2000 වසරේ සැප්තැම්බර් මස නිකුත් කර තිබෙන උපදෙස් පොතකට අනුව බටහිර වෛදවරයෙකු තමන් උගත් නුගත් හෝ පුහණුවක් නොලැබූ හෝ අත්දැකීම්ක් නොලැබූ වෛද්‍ය ක්‍රමයක යෙදීම හෝ භාවිතා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් ගණයට වැටෙන වරදකි.

මෙසේ බරපතල වෘත්තීමය අපචාරයන් ලෙස සඳහන් වන ක්‍රියාවක නියුතු වූ බටහිර වෛද්‍යවරයකුගේ ලියාපදිංචිය තහනම් කිරීමට පවා වෛද්‍ය සභාවට හැකි ය.

එම නිසා තමන් උගත්කමක් නොලැබූ, තමන‍් අත්දැකීමක් නොලැබූ ඖෂධයක් භාවිතා කිරීම බරපතල වරදකි.

ඇතුම් විට මෙම කරුණ නොසලකා එක් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරුන් සමූහයක් හෝ වෛද්‍ය සේවයක් හෝ කටයුතු කළහොත් එයින් සිදුවන්නේ ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට හා බටහිර වෛද්‍ය සේවයට ලොවෙහි අනෙක් බටහිර වෛද්‍ය සේවයන් අතර ඇති පිළිගැනීම නැතිව ගොස් එය හෑල්ලූ වීමයි.

එම නිසා මෙසේ ආයුර්වේද ඖෂධ බටහිර වෛද්‍ය ක්‍රමයේ රෝහල්වල භාවිතා කිරීමට ප්‍රථම ඒ හා සම්බන්ධව සියලු දෙනා මෙම සියලු කරුණු සම්බන්ධව ගැඹුරින් කල්පනා කළ යුතුව ඇත.

සාකච්ඡා කොට සකස් කලේ – සුජීව සෙනරත්

lankanewspage.com

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….