නිරෝධායනයට අරන් යද්දි ඇති වු ගැස්සිමෙන් හයමස් ගැබිණියගේ කුස තුල සිටි දරුවා මරුට

babylost

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරිම අද මෙරට සෞඛ්‍ය අංශයට ඇති ප්‍රබල අභියෝගයකි. ඒ් අභියෝගය ජය ගැනිම සඳහා සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය ඒක්ව දැඩි කැපවිමකින් ක්‍රියා කරමින් සිටියි.

නමුත් මේ නොපෙනන සතුරා විනාශ කිරිම යුද්ධයකයකට මුහුණ දෙනවා මෙන් නොවේය. ඒය අවස්ථානුකූලව, නිවැරදි තීන්දු තිරණ ගත යුතු මෙහෙයුමකි.

මේ මෙහෙයුමේදි අප නොසිතන ඒක් ඇසිල්ලකින් පවා පුද්ගලයෙකුගේ ජිවිත උඩියටිකුරු විය හැකිය. කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ සිටම නිරෝධායනය සඳහා ගෙන යන පුද්ගලයින් දක්වාම ඒ් සම්බන්ධයෙන් කටයුතු කරන අදාල බලධාරින්  වගවිමකින් කටයුතු කළ යුතුව ඇත.

නමුත් ඒය ඒසේ වී නොමැති බවට කැළණියේ මවක් චෝදනා කර සිටියි. ඒ් ඇයගේ නිරෝධායන ක්‍රියාවලිය නිසා හයමස් ගැබ අහිමි වි යාම නිසාය.

කැළණිය, පෙතියාගොඩ පදිංචි කවීෂා මධුෂාණි 21 හැවිරිදිය. ඇගේ සැමියා වුයේ 21 හැවිරිදි චතුර සමීරය. ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවය කළ අයෙකි.

කවීෂා පවසන්නේ සිය සැමියා පහුගිය ඔක්තෝම්බර් මස 21 දා පි.සි.ආර් පරික්ෂණයකට ලක් කළ බවත් 22 දා පැමිණි ප්‍රතිඵලයෙන් ඔහුට කොවිඩ් ආසාදිත වි ඇති බව තහවුරු වු බවත්ය.

ඒ් අනුව චතුර සමිරව මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති අතර පෙතියාගොඩ භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැමිණ කවිෂාටත්, නිවසේ අයටත් දන්වා ඇත්තේ නිවසට වී නිරෝධායනය වන ලෙසය.

නමුත් ඔක්තෝම්බර් 24 දා පොලිසියෙන් පැමිණ පවසා ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකට යාමට සුදානම් වන ලෙසය.

ඒහිදි කවීෂා පවසා ඇත්තේ තමන් හය මස් ගැබිණියක් බවත්, තමන්ට යාමට අපහසු බවත්ය. මෙහිදි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාවද දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඇති අතර ඔහුද පවසා ඇත්තේ මෙම පිරිස දැනටමත් නිවසේ නිරෝධායනය වන හෙයින් රැගෙන නොයන ලෙසටය.

නමුත් ඒදිනම සවස 4.30 ට පමණ පැමිණි යුද හමුදා නිලධාරින් පිරිසක් කවිෂාවත්, ඇගේ මව, පියා, ස‌හෝදරයා හා නෑණාව වේයන්ගොඩට රැගෙන ගොස් ඇත.

ඒතැන් සිට වෙනත් බසයකින් බණ්ඩාරවෙලට ගෙන ගොස් ඇති අතර ඒහිදි වරින් වර කවිෂාට සිදු වු විවිධ අපහසුතා නිසා බස් රථය අතරමඟ නැවැත්විමට සිදු වු  බවද කවිෂා පවසයි.

බණ්ඩාරවෙල විද්‍යා පිඨයේ නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇති කවිෂා ඇතුලු පවුලේ අයට ඒහි දින 14 ක් නිරෝධායනය විමට සිදුව ඇත.

කවිෂා පවසන්නේ ඒහිදි තමන්ට ගැබිණියක් බව නොසලකා ඒහි නිලධාරින් කටයුතු කළ බවය. කෙසේ හෝ අපහසුවෙන් ඒම කාලය ගෙවා දමා ඇති ඇය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පහුගිය  නොවැම්බර් 06 දා නිවසට පැමිණ ඇත. 08 දා ඇයට රුධිර වහනය වි ඇති අතර 09 දා සිදු කළ වෛද්‍ය පරික්ෂයෙන් හෙළි වි ඇත්තේ දරුවා කුස තුල මිය ගොස් ඇති බවය.

ඊට හේතුව  ලෙස වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ අධික කම්පනය/ ගැස්සිම බව කවිෂා පවසයි. තම කුලුඳුල් දරුවා මිය යාම සම්බන්ධයෙන් මේ වන විට කවිෂාත්, චතුරත් පසුවන්නේ දැඩි සිත් තැවුලෙනි.  චතුරද නිරෝධායන ක්‍රියාවලිය නිමවිමෙන් පසු නොවැම්බර් 09 දා නිවසට පැමිණ ඇත.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට දැන් වු විට ඒහි නිලධාරින් , අපට බොහොම කණගාටුයි කියා දුරකථනය විසන්ධි කළ බව කවිෂාගේ සැමියා පවසයි.

ඔහු විමසන්නේ තමන්ට සිදු වු අසාධාරණයට කවුරුන්ද වග කියන්නේ කියාය. තමන්ට යළි දරුවා නොලැබෙන බවත් නමුත් මෙවන් සිදුවිමක් යළි ඉදිරිදියේදි සිදු නොවන්නට මේ සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

උපුල් ආනන්ද

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….