ප්‍රදේශ කිහිපයක හඳුනා නොගත් රෝගයක් නිසා සිය ගණනක් මරුට

cow

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් මනම්පිටිය විල්ලුව,සොරුවිල විල්ලුව,හඳපාන්විල්ලුව හා බණ්ඩියා විල්ලුව  යන ප්‍රදේශවල සතියක් ඇතුළත හඳුනා නොගත් රෝගයක් නිසා සිය ගණනක් ගවයින් මිය යන්නට පටන් ගෙන ඇතැයි ගවපට්ටි හිමියෝ පවසති.

ඔවුන් පවසන්නේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී ,ආහාර ගැනීමට නොහැකිව දින දෙකක් ඇතුළත් බඩ ඉදිමී මිය යන බවයි.මුලින් ම මනම්පිටිය විල්ලුව ආශ්‍රිතව ඇති ගවපට්ටිවල ගවයින් හතර පස්දෙනා මිය යන්නට පටන් ගත් බවත් දැන් සතියක් ඇතුළත මනම්පිටිය,සොරු විල,බණ්ඩියා විල්ලුව,හඳපාන්විල්ලුව යන විල්ලු ආශ්‍රිතව සිටි ගවයින් 100කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බව ද ඔවුහු පවසති.

මේ පිළිබඳව පශු වෛද්‍යවරුන් වෙත දැනුම් දුන් බවත් ඔවුන් ලබා දෙන බෙහෙත හේතුවෙන් ද සතුන් මියයන බවත් ගව පට්ටි හිමියෝ පවසති.

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය සු‍රැකීමේ සංවිධානයේ සභාපති එස්.තීපන් මහතා පවසන්නේ මෙම තත්ත්වය නිසා වනෝද්‍යානයේ ජීවත්වන වනසතුන්ගේ ජීවිත අවදානම් සහගත තත්ත්වයක පවතින බවයි.

“මේ ගවයින් මියයාම බෝවෙන රෝගයක් නිසා සිදු වෙන්නේ.මුලින්නම් මනම්පිටිය විල්ලුවේ  තණකෝල උළාකන ගවයින් කිහිපදෙනෙක් මැරෙන්න ගත්තා.

ඊට පස්සේ ඒක සොරුවිල පැත්තට පැතිරිලා ගියා.දැන් හඳපාන් විල්ලුවෙත් පණ්ඩියා විල්ලුවෙත් ඉන්න ගවයින් මැරෙන්න පටන් අරන් තියෙනවා.මේ වෙනකොට දින පතාම ගවයින් 10 ක් 15ක් මැරෙනවා.පශුවෛද්‍යවරුන් ඇවිල්ලා වැක්සින් එකක් විදලා තියෙනවා.ඔවුන් කියන්නේ මේ ලෙඩේ හැදිලා තියෙන සතෙකුට ඒ බෙහෙත විද්දත් මැරෙනවා කියලා.

ඒ වගේම මේ මැරෙන සත්තු එක්කෝ වලදාන්න නැත්නම් පුච්චාලා විනාශ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා.නමුත් ගවපට්ටි හිමියෝ කැලේ මැරෙන සත්තු බලන්න වලදාන්න යන්නේ නෑ.ඒකෙන් විල්ලුව ආශ්‍රිතව සැරි සරන විල් අලියා විතරක් නෙමෙයි මුවා ගෝනා වැනි සතුන්ටත් පක්ෂීන් ඇතුළු අනෙකුත් සතුන්ටත් බෝ වෙන්න පුළුවන්.වනජීවී නිලධාරින් මේක බලන්න ඇවිත් ගිහිල්ලා තියෙනවා.

නමුත් මුකුත් ක්‍රියාමාර්ගයක් අරන් නෑ.වන සතුන් මියයන්නට පටන් ගත්තාමද වනජීවී එකට ඇස් ඇරෙන්නේ කරුණාකරලා මේ වන සතුන්ට තිබෙන අවදානම ගැන සොයා බලා වනජීවීන් වන සම්පත ආරක්ෂාකරන්න පියවර ගන්න කියලා ඉල්ලා සිටිනවා.”

මේ පිළිබඳව පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයෙන් අප කළ විමසුමක දී එහි අඩවි ආරක්ෂක ඩබ්.එම් කුමාරසිරි විජේකෝන් මහතා මෙසේ කීය.

” අපි මේ තොරතුර ලැබුණු වහාම සහකාර අධ්‍යක්ෂ තුමාගේ උපදෙස් පරිදි  ක්ෂේත්‍ර පරික්ෂාවක් කළා.හඳපාන්විල්ලුවේත් බණ්ඩියා විල්ලුවේත් ගවයින් 25ක් පමණ මියගිය බව අපි නිරීක්ෂණය කළා. අපේ පශුවෛද්‍ය ඒකකයටත් දිඹ්බුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාටත් මෙම තත්ත්වය ගැන අපි දැනුවත් කළා.”

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතාගෙන් ද අපි මේ පිළිබඳව විමසීමක් කළෙමු.

“මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය බැක්ටීරියා එකක් නිසා සිදුවන එකක්.අපි එය හඳුනාගෙන තිබෙනවා.එච්.එස්.කියලා බැක්ටීරියා එකක් පැතිරෙන්නේ.මුලින්ම කරපොල හා මුතුගල විල්ලුවලදී තමයි මේ රෝගය පැතිර ගියේ.ඒ සත්තුත් මනම්පිටිය සොරුවිල,හඳපාන්විල,බණ්ඩියා විල කියන ප්‍රදේශවලට ගෙනත් තියෙනවා.ඒ නිසා තමයි මෙහෙ පැතිරිලා තියෙන්නේ.

මේ සඳහා වැක්සින් එකක් ඉන්ජෙක් කරනවා.දිඹුලාගල පශු වෛද්‍යවරිය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා.දැනටමත් අපි වැක්සින් එක දෙන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ.වනජීවීන්ට මෙය බෝ වෙනවාද කියන එක තවම අපට කියන්න බෑ.එහෙම වාර්ත වෙලා නෑ .කොහොම වුණත් ඒ ගැන අපි විමසිල්ලෙන් ඉන්නේ.” හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට ගවයින් 100කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර මෙම ප්‍රදේශය ආශ්‍රිතව මුදා හැර ඇති ගවයින් සංඛ්‍යාව 5000ක් පමණ වන බවත් ගවයින් නිසා වනජීවීන්ට ජීවිත තර්ජන එල්ල වීමේ අවදානමක් පවතින බව ත්  පරිසරවේදීහු පෙන්වා දෙති.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….