ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයකට සොරු පනියි

මීගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයක් තුළට රාත්‍රී කාලයේ ඇතුළුවු  පුද්ගලයින් දෙදෙනෙක් එම ආයතනය තුළ තිබූ පෞද්ගලික සේප්පුවක් කඩා සොරකම් කර තිබූ රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 27 කට වඩා අධික මුදල්ද සමග  අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වූ බව පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයින් දෙදෙනා හොරණ ගෝනපොළ ප්‍රදේශයේ  හා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 35 වැනි වියේ පසුවන ආය බවත් මහරගම,  හෝමාගම, මීගොඩ, කොට්ටාව වැනි ප්‍රදේශයන් වල රාත්‍රී කාලයේ දී වෙළඳසැල් හා උපකරණ කුලියට ලබා දෙන ස්ථාන කොල්ලකා ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද  පොලිසිය පැවසීය.
ඉන් එක් සැකකරුවෙකු තුසිත කුමාර නොහොත් හෝමාගම තුයියා නැමැති අනවර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් බවත් අනෙක් පුද්ගලයා සම්පත් රුවන් චාමර අල්විස් නමැති පුද්ගලයෙක් බවත් එම පුද්ගලයා පන්නිපිටිය ගුවන් පාලම මතදී කාර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින අයෙක් බවත් පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් විසින් කපා දමා තිබූ සේප්පුවේ කොටසක් සඟවා තිබියදී සොයාගත් බවත් ප්‍රශ්න කිරීම්වලදී කිරීම් වලදී සොරකම් කර ඇති රන් භාන්ඩ වලින් අනාවරණය කරගත් රන් පවුම් (58)
රන් පවුම් (54) සහ මුදලින් රුපියල් ලක්ෂ විසි හතක් සහ සේප්පුව කැපීමට යොදාගත් කියත් පටි, එම ආයතනයේ සී.සී.ටී.වී කැමරා පටිගත කිරීම් සඳහා යොදාගෙන තිබූ ඩි.වී.ආර් යන්ත්‍රයද බස්නාහිර දකු අපරාධ කොට්ඨාසය නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගනිමින් වැඩිදුරටත් ප්‍රශ්න කර තවත් අපරාධ සිදු කර ඇද්දැයි සෙවීමට නියමිත බවද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත දකුණ  භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර පොලිස් අධිකාරී කලාප 01 රොහාන් පෙරේරා යන මහත්තුරුන්ගේ පූර්ණ අධීක්ෂණය මත බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 40248 ප්‍රසන්න, 56951 සුනිල්, 56958 ප්‍රසන්න පොලිස් කොස්තාපල් 72338 ලලන්ත, 77688 අමිල, 81600 සමීර, 84762 කුමාර, පොලිස් කොස්තාපල් රියදුරු 20545 රණවීර, කාන්තා පොලිස් කොස්තාපල් 11297 ලක්ෂානී යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….