කළු ගඟ ජලාශය පළමු වරට පිරී යයි

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යාම රටේ අනාගතය හා කෘෂිකර්මාන්තය පිළිබඳව සුභ නිමිති පහළ වීමක්  බවත්  කළු ගඟ ජලාශය අවට පාරිසරික  සුන්දරත්වය ඉහළම තත්ත්වයක පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  කළු ගඟ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමිනි.

කළුගන්න ජලාශයේ උපරිම ජල ධාරිතාව ගන මීටර් මිලියන 246.02ක් වන අතර එය මේ වන විට  සියයට 99ක් පමණ (ගන මීටර් මිලියන 209ක්)පිරී ගොස් තිබෙන බවත් ඉදිරි දින තුළත් වර්ෂාපතනය ලැබුණහොත් ස්වයංක්‍රීයව ගේට්‍ටු විවරවීමට නියමිත බවත් මහවැලි හා වාරිමාර්ග බලධාරින් හිටපු ජනාධිපතිවරයාට විස්තර කළ හ.

මොරගහකන්ද ජලාශයේ ජලධාරිතාව මේ වන විට සියයට 58ක් පිරී ගොස් තිබෙන බවද එහි දී වාරිමාර්ග හා මහවැලි නිලධාරිහු මෛත්‍රීපාල සිරිසේන මහතාට විස්තර කළ හ.මින්නේරිය කවුඩුල්ල,කන්තලේ හා ගිරිතලේ ජලාශවලට ද මේ වන විට ජලය මුදා හැරෙන බවත් ඒවා පිරෙන්නට ආසන්නයේ පවතින බවත් ඔවුහු විස්තර කළ හ.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

“ඛළු ගඟ ජලාශයේ වාන්දොර‍ටු ස්වයං ක්‍රීයව විවෘත වීමේ ආසන්නයට පැමිණිලා තියෙනවා.මෙය රටේ අනාගතය ජාතියේ ආර්ථිකය සෞභාග්‍යය

සම්බන්ධයෙන් පෙර නිමිත්තක් විදිහටයි මම දකින්නේ.කළුගඟ ජලාශය  මේ විදිහට පිරීම රටේ ගොවි ජනතාවට වගේම රටේ ආර්ථිකයට වැදගත් වෙනවා.

අපට සතු‍ටු වෙන්න පුළුවන් අපි කරපු දේවල්වලින් රටේ ජනතාවට අනාගත්යට ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභ බැලුවාම.ප්‍රධාන වශයෙන් ම කෘෂිකාර්මික රටක් වශයෙන් ද අනික් අතින් කළු ගන්නග කෘෂිකර්මාන්තයට වගේම පාරිසරික වැදගත්කම.

ඉතාම සුන්දර වචනවලින් කියන්න බැරි තරම් ලස්සන් සුන්දර පරිසරයක් මේ කළු ගඟ ජලාශය අවට පරිසර්සය.මේ පරිසරය මිනිසාට විතරක් නෙමෙයි සියලු සත්වයින්ට අයිතියි.

මිනිසා ප්‍රමුඛ සියලු සත්වයාට ජීවත් වීමට හුස්ම ගැනීමට මේ පරිසරයෙන් දෙන ශක්තිය පුළුල් ලෙස කතා කළ යුතු දේවල්.මම සතු‍ටුවෙනවා අප කළ වැඩක හොඳ ප්‍රතිපළ අද දකින්න ලැබෙනවා.”

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….