හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවක් ඝාතනය කරයි

මව සමග එකට වාසය කළ පුත්‍රයා (31) දින රාත්‍රියේ මිතුරන් සමඟ පැවැති සාදයකට සහභාගි වූ අවස්ථාවකදී එම  නිවසට ඇතුළුවූ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය පැවසීය.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පිලියන්දල, හැඩිගම, දම්පර ගහවත්ත පාර, ප්‍රදේශයේ  පදිංචිව සිටි වයලට් ප්‍රනාන්දු නැමැති  (72) එක් දරු මවක් බවද පොලිසිය පවසයි.
සාදය සඳහා සහභාගි  වීමට රාත්‍රී 7.30 ට පමණ  පුතු නිවසින් පිට වී ඇති අතර  යළි රාත්‍රී 10.30 ට පමණ  ඔවු නිවස වෙත පැමිණ මව සොයා බැලීමේදී ඇය මුළුතැන්ගෙයි  දොර අසල  ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක ඒ බව පොලිසියට දැනුම්දීමක් සිදුකළ බවත් ඒ අනුව  පිලියන්දල පොලිසියේ නිලධාරීන්  නිවසට පැමිණ සිදුකළ පරික්ෂාවේදී වයෝවෘද මවගේ  ගෙල කපා ඇති බවත්  නිවසෙහි අල්මාරි ඇතුළු  අනෙකුත් කබඩ් ද විවෘත කර ලාච්චුවල තිබූ බඩු බඩුබාහිරාදිය හා ඇඳුම් පැළඳුම් ඇද දමා තිබෙන අයුරු දැකගත  හැකිවූ බව පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණයේදී දැක ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවසීය.
මවගේ මළ සිරුර නිවසේ  මුළුතැන්ගෙයින් එලියට පිටවන දොර අසල උඩුබැලි අතට වැටී තිබූ බවත් ඇයගේ ගෙලෙහි දරුණු කැපුම් තුවාලයක් දක්නට ලැබුණු බවත් ගෙලෙහි දරුණු කැපුම් තුවාලයට අමතරව  ශරීරයේ ස්ථාන කිහිපයකම තවත් තුවාල දක්නට ඇති බවත් පොලිසිය පැවසීය.
මෙම වයෝවෘද්ධ කාන්තාව ඝාතනය වන්නට ඇත්තේ ඇය බුදු පහනට සුවඳ දුම් ඇල්ලීම සඳහා පොල් කටු දමන ලද දුම් කබල සූදානම් කරමින් සිටියදී  බවට සැක කළ හැකි බවත් ඇය වැටී සිටි ස්ථානයේ  එම දුම් කබල  දකුණු අත ආසන්නයේම තිබෙන අයුරු දැකගත හැකිවූ බවද පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණයේදී දැක ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවැසීය.
එම දුම් කබල ආසන්නයේම විශාල මන්නයක් දක්නට ලැබෙන බවත් පැමිණි ඝාතකයින් ඇයගේ ගෙල කපා ඇත්තේ එම මන්නා පිහියෙන්ද  නොඑසේ නම් ඔවුන් රැගෙන ආ තියුණු ආයුධයකින්ද යන්න  ස්ථිර ලෙස කිව නොහැකි බව  පොලිසිය පවසයි.
නිවසේ බඩු බාහිරාදිය ඇද දමා ඇතත්  රැගෙන යාම සඳහා වටිනා කිසිදු දෙයක් නිවස තුළ නොතිබූ බව ඝාතනයට ලක්වූ කාන්තාවගේ  පුතු සිදුකළ ප්‍රකාශයකින් හෙළිවන  බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම මව සහ පුතු මෙම නිවසට  පැමිණ ඇත්තේ මීට සිව් මසකට ඉහත දී බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසියේ නිලධාරීන්  වැඩිදුරටත් පැවසීය .
ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් සොයා පිලියන්දල පොලිසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ගල්කිස්ස කොට්ඨාස බාර ජේෂ්ඨ  පොලිස් අධිකාරි රොහාන් පේමරත්න පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහත්වරුන්ගේ පූර්ණ අධික්ෂණය මත  පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සනත් රංජිත් මහතාගේ උපදෙස් මත අපරාධ  අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර උප පොලිස් පරීක්ෂක කවිසංක පොලිස් සැරයන්  51487 නවරත්න පොලිස් කොස්තාපල්වරුන් වන 38960 ප්‍රනාන්දු 67583 පත්මලාල් මහත්තුරු පරීක්ෂණ පවත්වයි.
මීට අමතරව බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර උප පොලිස් පරීක්ෂක නිල් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක්ද පරීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….