ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇදි ශ්‍රී.ලං.පො.පෙ ප්‍රබලයන් දැඩි කනස්සලකින්

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික දියාරු ක්‍රියා කළාපයන් නිසා පසුගිය සමයේ ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් දැඩි කනස්සලකින් පසුවන බව උතුරු මැද පළාත් මාර් ග සංවර් ධන අධිකාරියේ හිටපු සභාපති දර් ශන අනුරුද්ධ නානායක්කාර මහතා පවසයි.

හිටපු සභාපතිවරයාට හා අධ්‍යක්ෂ මණ්ඩලයට ආණ්ඩුකාරවරයා විසින් පුවත්පත් යොදාගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.එහිදි වැඩිදුරටත් කථා කළ හිටපු සභාපති දර් ශන අනුරුද්ධ නානායක්කාර මහතා.

පළාත් මාර් ග සංවර් ධන අධිකාරියේ හිටපු මා ඇතුළු පිරිස ඉවත්කරේ දූෂණ චෝදනා තියනවා කියලා.ආණ්ඩුකාරවරයා හරියට කන වැද්දුම් කාන්තාවක් වගේ තැන තැන මිනිස්සුන්ට චෝදනා කරමින් කියව කියව යනවා.එතුමා පළාතේ බලවතා විදියට කශේරුකාව කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන.අපි කරලා තියන වංචා දූෂණ සියල්ලම එළියට දාන්න.අපිට දඩුවම් දෙන්න.මම ගත්ත කෝටිතුනත් කොහොමද ගත්තේ කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න කියලා අභියෝග කරනවා.

පළාත් මාර් ග සංවර් ධන අධිකාරිය හරි අතට ගේනකොට එතුමාට ඕන වුනේ ඒක වෙනදා වගේම හොර ගුහාවක් බවට පත්කරන්න. සාධාරණ විගණන පරික්ෂණයක් සදහා සියළු කටයුතු සූදානම් වෙලා තියෙද්දි එතුමා හොරුන් රැක ගන්න ඉතා සූක්ෂමව ආයතනයට නොවැම්බර් 15දා සීල් තියනවා.ආයතනයට සීල් තියන්න මොකද්ද හේතුව.වංචා රැසකට සම්බන්ධ සාමාන්‍යාධිකාරිවරයා රැකගන්න තමයි ඔහුට අවශ්‍යව තියෙන්නේ.

සාමාන්‍යාධිකාරවරයා තීරුබදු වංචාවක් සිදුකරලා තියනවා කියලා රේගු අධ්‍යක්ෂවරයා පවා සනාථ කරද්දි එතුමාගේ ඊනීයා පරික්ෂණ මණ්ඩලය ඒක නෑ කියනවා.ඒ මණ්ඩගයේ ඉන්න හොරු ටික නිවැරදි මිනිස්සුන්ට බොරුවට මඩ ප්‍රහාර එල්ල කරනවා.වැරදි කරලා තියනවා නම් ඔප්පු කරලා පෙන්වන්න ඕන.එතුමාගේ අක්‍රමිකතා දූෂණ මම පෙන්වන්නම්.සබරගමුවේ සමූපාකාරයෙන් මට පටන්ගන්න පුළුවන් නමුත් නවත්තන තැන කොතනද කියලා එතුමාට හිතා ගන්න බැරිවෙයි.නිහඩව අපි ඉන්නකොට එතුමා කාඩ් බෝඩ් වීරයෙක් බවට පත්වෙන්න හදනවා.

අපි ජනාධිපතුමාට කියන්නේ මෙතුමා පසුගිය සමයේ මේ ආණ්ඩුව වෙනුවෙන් මහා බරක් ඇදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ විශාල පිරිසකට අද පක්ෂය එපා කරවලා තියනවා.හොදම උදාහරණය තමයි රඹෑව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එතුමාට බොරු චෝදනා දාලා එතුමාව පුටුවෙන් එළෙව්වා.එතුමා පක්ෂය වෙනුවෙන් පහුගිය කාලයේ මොනවද නොකලේ.උතුරු මැද පළාතේ හතර කොන දන්නේ නැති පැරෂුට්කාරයෙක් අද පක්ෂය විනාශ කරනවා.

ස්වාධිනව අකුරට රාජකාරි කරන රාජ්‍ය නිලධාරින්ට පළාතේ රාජකාරි එපා කරවනවා.දේශපාලනය කරන පක්ෂය වෙනුවෙන් ඇපකැප වෙලා ඉන්න මිනිස්සුන්ට පක්ෂය එපා කරවනවා.එතුමා කාගේ කොන්ත්‍රාත්තුවක්ද මේ ගෙනියන්නේ කියලා ලොකු සැකයක් තියනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….