හුස්ම හිරවුණු දිල්ලියට පාලකයින්ගෙන් ‘කැරට් විසදුම්’

දිල්ලිය යනු ලොව දෙවන විශාලම ජනගහනය සහිත නගරයයි. ඉන්දියාවේ මිලියන 2.5 ක් දෙනා මියගොස් ඇත්තේ පරිසර දූෂණය හා සම්බන්ධ රෝගී තත්ත්ව නිසා බව 2015 දී සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් විය.

නගර අවකාශයෙහි පිරීගිය දුම්රොටු වලාවන් නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‌ෂා කිරීම සඳහා හදිසි ආපදා තත්ත්වයක්‌ ප්‍රකාශයට පත්කිරීමට කරුණු යෙදී තිබිණ.

අධික ලෙස ජනාකීර්ණ වූ නවදිල්ලි ජනතාවට තවදුරටත් ශ්වසන අපහසුව මඟහරවා ගැනීම සඳහා තම ජටාව හෝ උර ලේන්සුව මුහුණට මුවා කර තබා ගැනීමට සිදුව ඇත.

කාර්මික කරණයේදී සිදු වන්නාවූ විමෝචනයන් නිසාත්, ඉවතලන මෝටර් රථ කොටස්‌, මහාමාර්ග දුම්රොටු සහ ජීව විද්‍යාත්මක ස්‌කන්ධයන්ගේ දහනය නිසාත් අස්‌වනු හෝ ගොවිබිම් ගිනි තැබීම නිසාත් ජනතාවට ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්, දූෂිත ප්‍රදේශවලින් ඉවත් වී දොරවල් සහ ජනෙල් වසා තිබිය යුතු බවත් සෞඛ්‍ය අංශ  නිවේදන නිකුත් කරමින් පවසා තිබේ.

දිල්ලියේ පාසල් නැවත විවෘත කිරීමට ඉකුත් බදාදා බලධාරීන් පියවර ගත්තේ තත්ත්වය තරමක් යහපත් අතට හැරෙමින් තිබූ බැවිනි. වායු දූෂණය ඝන මීටරයකට මයික්‍රො ග්‍රෑම් 400 ක් තරම් බරපතළ අන්තරාදායක මට්ටමක සිට මයික්‍රොග්‍රෑම් 175 පමණ තෙක් පහත වැටුනද එයද සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයකි. ඉකුත් 3 – 4 දිනවල පැය 24 ක් ආවරණය වන පරිදි කළ මැන බැලීමෙන් වායු දූෂණය වැඩිම ප්‍රාන්තය ලෙස හර්යානා ප්‍රාන්තය හඳුනා ගැනිණි. ජින්ද් නගරයේ එම මට්ටම ඝන මීටරයට මයික්‍රොග්‍රෑම් 448 ක් විය. දිල්ලියේ එය 407 කි.

ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වූ විට වායු දූෂණය පිළිබඳ නව පනතක් රැගෙන ඒමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයකු වන ගවුරව් ගොගොයි සූදානමින් සිටී. දැනට ක්‍රියාත්මක පනත 1981 දී සම්මත කරන ලද්දකි. එය පදනම්ව ඇත්තේ එක්සත් ජනපදයේ පිරිසිදු වායු පනත (1963) මතය.

මධ්‍යම රජයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘රාත්‍රී අන්ධභාවය සහ සෞඛ්‍යයට සිදුවන දූෂණය හා සම්බන්ධ වෙනත් හානිවලින් ආරක්ෂා වීම සඳහා කැරට් අනුභව කරන ලෙසයි.

මේ අතර පරිසර අමාත්‍ය ප්‍රකාශ් ජාවඩෙකර් යෝජනා කළේ ඔබ ‘ඔබේ දවස සංගීතයෙන් ආරම්භ කළ යුතු’ බවයි.

‘දූෂණය පිළිබඳ අපගේ දුක්ඛිත තත්වය ගැන ඔබ බිහිරි කන් යොමු කිරීමට හේතුව එයද ?’එක් ට්විටර් පරිශීලකයෙක් ප්‍රතිචාර දක්වා සිටියා. ‘අපට ඇහුම්කන් දීමට නොහැකි තරමට කාර්යබහුල සංගීතයක් ඇසෙන බව පෙනේ’ ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළා.

ඉදිරි සතිය තුළ ලැබෙන වැසි මගින් මේ තත්ත්වය පහව යනු ඇතැයි ඉන්දියානුවන් බලාපොරොත්තු වන නමුත් මේ වන තෙක් සිදු වුණේ නැහැ. මේ තත්ත්වය තුළ දිල්ලිය ප‍්‍රමුඛ නගර රැසක ආර්ථික හා සමාන්‍යය කටයුතු බිද වැටී තිබෙනවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….