වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය මියුරි සමරසිංහ සමුගනී

ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ ඊයේ(06) ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසුවූවාය.

අවසන් කාලයේ පිළිකා රෝගයෙන් පීඩා වින්දාය.
මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාළ ඇය අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ උඩරට හා පහත රට නැටුම් හැදැරුවාය. පසුව සුදර්ශි ආයතනයේ නැටුම් ගුරුවරියක් ලෙස සේවය කළාය.

වයස අවුරුදු 17 දී විවාහ වූ ඇය වයස අවුරුදු 24 වන විට දරුවන් හතර දෙනෙකුගේ මවකවී සිටියාය. ඇය සිය සැමියා වන පියල් සමරසිංහව මුණගැසුණේ පාසල් අවධියේදීය. මෙම යුවළට දියණියන් තිදෙනෙක් සිටී – සුජීවා, දීප්ති, අවන්ති – සහ එක් පුතෙකු වන රුවන්ය. දීප්ති සහ අවන්ති නිවුන් දරුවන් ය.
ඇගේ ස්වාමිපුරුෂයා වූ පියල් 1979 දී මිය යන විට ඇගේ වයස අවුරුදු 39 කි.

ඇය නාට්‍ය ජීවිතය ආරම්භ කළේ අලූත් දවසක් නම් වේදිකා නාට්‍යයෙනි. පසුව ඇයට රන් කන්ද, උමතුසන් වරුසාව, ඔතෙලෝ, සිවම්මා ධනපාල, ලෝරා සහ නවසිය අනු නවය වැනි වේදිකා නාට්‍යවල රඟපෑමට අවස්ථාවන් ලැබුණි.

ඇය වේදිකා නාට්‍ය 300 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර නාට්‍ය 10 ක් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කර ඇත.

1981 දී ඇය ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානය නවසිය අනු නවය නාට්‍යය සඳහා දිනා ගත්තාය.
එම වසරේම ඇයගේ නිෂ්පාදනය වූ හිම කුරුල්ලෝ හොඳම නළුවා, නිළිය, තිර රචනය සහ නිෂ්පාදනය සඳහා වූ ගෝල්ඩන් ඩිසයින් සම්මාන උළෙලේදී සම්මාන හතරක් ලබා ගත්තාය.

ඇයගේ මංගල සිනමා අත්දැකීම ලැබුනේ 1973 දී අමරසේන කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද මිරිගුව චිත්‍රපටයෙනි. එතැන් පටන් ඇය පොඩි විජේ, අධිෂ්ඨානය, මඩොල් ධූව, විරාගය, යහලු යෙහෙලි සහ ආදර හසුන ඇතුළු ප්‍රකට සිනමා නිර්මාණ ගණනාවකට දායක විය.

ඇය රූපවාහිනී නාට්‍ය 500 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. ඉරට හඩන මල්, ඉර පායා, සන්නාලියනේ, නෑදෑයෝ, සිහින නිම්නය, සූර අසුර, දාමිනි ඒ අතර වේ. වැඩිම ටෙලි නාට්‍ය ගණනක රඟපෑ නිළිය ලෙසද ඇයට සම්මානයක් හිමි විය.

ඇයට උපහාර දැක්වීම සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරන ලද මියුරි සමරසිංහ රංගභිනන්දන ප්‍රසංගය 2015 ඔක්තෝබර් 4 වන දින මරදාන ටවර් හෝල් රඟහලේදී පැවැත්විණි. සිය නාට්‍ය දිවියේ 50 වන සංවත්සරය පසුකර යද්දී ඇය සිය ජීවිත කතාව ලියා පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කළාය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….