රාවණා සමයේ ලංකාව ලෝක බලවතෙක්

bbc news sinhala

ඉකුත් ඉරිදා දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආලින්දය ඉන්දියානු සංචාරකයන්ගෙන් පිරී පැවැතියේ ඒ කණ්ඩායම එම හෝටලයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණි නිසාද නැත්නම් ලංකාවේ සිරි නැරඹීමට පැමිණි නිසාදැයි පැහැදිලි නැත. අලංකාර ඇඳුමෙන් සැරසුණු යුවතියෝ ඔබමොබ හැසිරෙමින් සිටියහ.

සහරාන්ගේ ප‍්‍රහාරය නිසා කොළඹ සෑම තරු හෝටලයකටම ඇතුළුවීමේදී ශරීර පරීක්‍ෂාවක් සිදුවන නිසා මුදල් පසුම්බිය හා ජංගම දුරකථන දොරටු ආරක්‍ෂක නිලධාරිනියට භාරදෙමින් මා පැවසුවේ ‘‘දැන් හෝටලයට එන එකත් එයාර් පෝර්ට් එකට ඇතුළු වෙනවා වගේ නේ’’ කියාය. එවිට එතැන සිටි තවත් ආරක්‍ෂක නිලධාරියෙක් ඉදිරි දොරටුව පෙන්වමින් ප‍්‍රකාශ කළේ මේ දොරෙන් නේ සහරාන්ගේ ගෝලයා ඇතුළට ගියේ යනුවෙනි.

ඇත්තෙන්ම ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළුවූ සහරාන්ගේ ගෝලයා වූයේ අබ්දුල් ජමීඞ් මොහොමඞ් නැමැත්තාය.අබ්දුල්ගේ බෝම්බය ටාජ් සමුද්‍රා හෝටලයේ පුපුරා නොගිය අතර එය පුපුරා ගියේ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේය. ඒ නිසාම අසල කාමරයක සිටි යුවළකටද පෙම්සුව විඳින අතරේම මරුවා සමඟ යන්නට සිදුවිය.

අපේ හිතමිත‍්‍ර තිවංක හොටල් ආලින්දයට පැමිණ සිටියේ ඔහුගේ ඉන්දියානු මිතුරා හඳුන්වාදීමටය. අපි අද කතාකරන්නේද මේ සුවිශේෂී පුද්ගලයා ගැනය. මන්ද ලංකාවට ආදරය කරන ලංකා භූමියේ සුවඳට ආසා කරන රාවණා ගැනත් මහ ඉහළින් කතා කරන ඔහු පන්ජාබ් සරසවියේ ආචාර්ය උපාධියද ලබාඇති අශෝක් කුමාර් කාන්ත් ය.

උත්තර් ප‍්‍රදේශ් වැසියෙක් වන ඔහු 2004 සිට ලංකාවට නිරන්තරව පැමිණෙයි. මෙවර ලංකාවට පැමිණ ඇත්තේ 219 වැනි වතාවටය. එය සැබවින්ම විශේෂ වාර්තාවකි. මේ අශෝක් කුමාර් ගැන ලිපියක් ලියන්න සිතුනේද ඒ ගමන් වාර 200 පසු කිරීම වාර්තාවක් වන හෙයිනි. ඔහු සමඟ ගතකළ පැය භාගයක කාලයේදී අපට සිතුනේ මේ ඉන්දියානුවා අපට වඩා ලංකාව ගැන ඉතා හොඳ දැනීමක් ඇති පුද්ගලයකු බවයි. ඔහු සුවිශේෂී චරිතයකි.

අශෝක් අප සමග පැවසූ විස්තර මෙලෙස සටහන් කරමි.

ඇත්තෙන්ම මම ලංකාවේ හැම තැනම දන්නවා. නොගිය තැනක් නැහැ. මොකද මම ලංකාවට 219 වතාවක් ඇවිල්ලා තියෙනවා. මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, මිලින්ද මොරගොඩ, ජයලත් ජයවර්ධන ඒ සියලූ දෙනාමත් දන්නවා. මේ ළඟදීත් බැසිල් රාජපක්‍ෂ මහතා මගෙන් ආරුගම්බේ ප‍්‍රදේශයේ තියෙන තැනත් ගැන ඇහුවා. මොකද ඔවුන් දන්නවා මම මේ තැන් ගැන හොඳට දන්නවා කියලා.

bbc news sinhala

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….