රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් වන්න

ජනත නියෝජිතයින් රාජ්‍ය නිලධාරින්ගේ කාර්ය භාරය ඉ‍ටු කිරීම සඳහා සහාය ලබා දිය යුතු බවත් රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් විය යුතු බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ  පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු ‍රැස්වීම අමතමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.

“පෙරේදා කිසියම් පිරිසක් ජයන්තිපුර රෝහලේ කාර්ය මණ්ඩලවලට ගහලා බැලනලා තර්ජනය කරලා තියෙනවා.මේ ජයන්තිපුර මේ වගේ සිදු වීමක් වුණ දෙවන වතාව මේක.ඊයේ ජයන්තිපුර රෝහලේ සම්පූර්ණයෙන් ම වැඩ නැවැත්තුවා.පස්සේ අපිට පොලිසියේ ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරී තුමාට කතා කරලා එතුමා වහාම මැදිහත් වෙලා මේක සමතයකට පත් කරන්න උදව් කළා.පස්සේ දවල් වෙනකොට යලි රෝහලේ කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා.

පොඩ්ඩක් කරුණා කරලා අපේ ජනතා නියෝජිතයින් මෙවැනි අවස්ථාවල දී රාජ්‍ය නිලධාරින්ගේ කාර්යභාරය  හරියාකාරව ඉෂ්ඨ කරන්න ඔබ තුමන්ලා සොයා බලන්න  මේ වගේ වැඩ සිද්ධ වෙන්න දෙන්න එපා.විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ සේවාව ඉතාමත් ම අත්‍යවශ්‍ය කාල වකවානුවක අපි ඉන්නේ.

එහෙම වෙලාවක ඒ ආයතනවල නිලධාරින්ට හිරිහෑර කරන පොදු දේපලවලට හානි කරන කටයුතු සිද්ධ වෙනවා නම් ඉතාමත් ම වැරදියි.ඒ නිසා මේ ගරු සභාවෙන් ඉල්ලීමක් කරනවා හැම තැනකම රාජ්‍ය නිලධාරින් ගැන සොයා බලන්න.

ඒ අය හැම දේකටම සහභාගී වෙනවා.සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කරනවා.අපි ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවා.ඒ නිසා ඒ නිලධාරින් ආරක්ෂා කරන්න ඕන.ජයන්තිපුර රෝහලේ සිද්ධිය වැනි සිද්ධින් මින් ඉදිරියට දිස්ත්‍රික්කයේ නොවෙන්න ජනතා නියෝජිතයින් මේ ගැන සොයා බලන්න කියලා ඉල්ලීමක් කරනවා.”

පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු ‍රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරසිරි අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණ.පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ .ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජයන්තිපුර රෝහලේ සෞඛ්‍ය සේවකයන්ට පෙරේදා කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් එහි සියලු කාර්ය මණ්ඩල පෙරේදා(15) රාජකාරිවලින් බැහැර වීමට ක්‍රියා කර තිබිණි.

බණ්ඩාර මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….