පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර විනාශයට

කළුතර දිස්ත්‍රික්කයේ දර්ශනීයම පාරිසරික වටපිටාවක් සහිත ඵෙතිහාසික බිතු සිතුවම් රැසක් ඇති පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර රැසක් විනාශවීයාමට පටන් ගෙන ඇතැයි, විහාරාධිපති මාවිට සෝමාලෝක හිමියෝ කියති.

“පුංචි සිරිපාදය ලෙස ප්‍රකට පවුරුකන්ද රජමහ විහාරස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 510 ක උසින් පිහිටි, දෙස් – විදෙස් සංචාරකයින්ගේ සිත් ගත් සිද්ධස්ථානයකි. ගල් පඩි 1200 ක් තරණය කළයුතු පවුරුකන්ද පොලොන්නරු රාජධානි පාලන සමය දක්වා දිවෙන ඵෙතිහාසික ශිලා ලේඛන, ලෙන්, රැසකින් සමන්විතය. මානාභරණ රජු වික්‍රමබාහු රජු සමග සටන්කොට පරාජයවි සිය සහෝදරයින්වු කිත්සිරිමෙවන් හා සිරිවල්ලභ සමග පස්යොදුන් රටට පලාවිත් ආක්ෂාව පතා රැදි සිටි ස්ථානය පවුරුකන්ද බව වංශ කතා ඉතිහාසය සාක්ෂි දරයි.

ස්වභාවික බලකොටුවක් වුමෙහි කදු මුදුන ගල් පවුරකින් වටවි තිබිම හේතුවෙන් “ පවුරු කන්ද නම ලැබි තිබේ. 1838 දෙසැම්බර් 26 දින සදහන් ඵෙතිහාසික සිරි පතුල සහිත සෙල් ලිපිය, ශ්‍රී පාද ලාංඡනය පදනම් කරගනිමින් “ පුංචි සිරීපාදය ලෙස හදුන්වයි. මෙම පුරා විද්‍යාත්මක තොරතුරුවලට අමතරව නුවර යුගයේ මුල්ම කාලයට අයත් ඵෙතිහාසික චිත්‍ර විශාල ප්‍රමාණයක් තිබිම හේතුවෙන් පවුරු කන්ද දෙස් විදෙස් චිත්‍ර ශිල්පින් , සංචාරකයින් හා ගවේශකයින් ගේ නෙත්- සිත් යොමුව තිබේ. නමුත් අවාසනාවකට එම ඵෙතිහාසික චිත්‍ර නිසි ලෙස සංරක්ෂණය කිරිමට පියවර නොගැනිමෙන් මේ වන විට විනාශවී යාමේ අවදානමට ලක්ව තිබේ.

පවුරු කන්ද රජ මහා විහාරාධිපති- පුජ්‍ය මාවිට සෝමාලෝක හිමි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව 2005 වසරේදි අති විශේෂ ගැසට්ටුවක් මගින් මේ ‍‍ඵෙතිහාසික සිතුවම් ඇතුළු පුරා විද්‍යා ස්ථාන පවරා ගත්තා.ඒ අනුව මීට වසර කිපයකට ඉහත විහාරගෙයි නිධන් හොරු කඩල තිබුණු බිතු සිතුවම් පිළි සකර කළා. නමුත් මේ චිත්‍ර සංරක්ෂණය කිරිමට පියවර ගත්තෙ නෑ. ස්වභාවිකවම දැනටත් ඒ චිත්‍ර වලට හානි වෙලා තියෙනවා.

විදේශීය චිත්‍ර ශිල්පින් , තොරතුරු ගවේෂණය කරන අය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, පාසල් දරුවන් මේ චිත්‍ර වල විස්තර හොයාගන එනවා. මේ චිත්‍ර සහ බිතුසිතුවම් සහිත විහාර ගෙයි වහලය හොදටම අබලන්වෙලා. වර්ෂාව වෙලාවට ඇතුලත බිත්තිවලට වතුර වැටෙනවා.ඒ නිසා ගොඩනැගිල්ලේ වහලය කඩිනමින් අළුත්වැඩියා නොකලොත් නුවර යුගයේ මුල් කාලයට අයත් මේ චිත්‍ර සියල්ල විනාශවෙලා යනවා.

වසර හාර සීයයක් පමණ ඈත ඉතිහාසයක තොරතුරු තියෙන පවුරුකන්දට අක්කර 42 ක් වෙන්වෙලා තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධනාතම කුරුළු අභය භූමිය හා සමනල විශේෂ රැසක් ජිවත්වු භුමිය මේ වනවිට අක්කර දහය පහලවකට සිමාවෙලා ගිහිල්ලා. ඉඩම මැනල ආරක්ෂාකර දෙන ලෙස නිළධාරින්ගෙන් ඉල්ලුවත් ඒක ඉටුවුනේ නැහැ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….