ගල් සිදුරු කර නිදන් සොයයි

එප්පාවල පොලිස් වසමේ ඇදගල වෙහෙරගල ප්‍රදේශයේ පිහිටි අධි පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වෙහෙරගල පුරාණ රජමහා විහාරයේ ගල්තලාවක් සිදුරුකර නිදන් සෙවීමට උත්සහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා එප්පාවල පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය විශේෂ පරික්ෂණයක් අරඹා තිබේ.

පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව අදාල රජමහා විහාරස්ථාන භූමිය පොලිස් කණ්ඩායම විසින් පරික්ෂා කිරිමේදි විහාරස්ථානයට මීටර් සියයක් පමණ දුරින් පිහිටි විශාල කළුගල් තලාව විද පුපුරවා හැරීමට කිසියම් පිරිසක් උත්සහ දරා තිබෙනා බව පොලිසිය පවසයි.

විහාරස්ථාන භූමියේ නිදන් වස්තු තිබෙනා බවට ජනප්‍රවාදයේ සදහන්වීම නිසා විවිධ පුද්ගලයන් එම ස්ථානය විනාශ කිරීමට පෙළඹි ඇති බව පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස විහාරස්ථානයේ නායක හිමිපානන්ට පොලිසිය දන්වා ඇතත් උන්වහන්සේ පොලිසිය මගහරිමින් සිටිනා බවක් නිරික්ෂණය වන බව පොලිසිය පැවසුවේය.

මීට දින කිහිපයකට ඉහතදි කිසියම් කණ්ඩායමක් නවීන ගල් විදින යන්ත්‍රයක් උපයෝගි කරගෙන විශාල කළුගල් තලාවේ ස්ථාන හතක් අගල් හතර බැගින් විද තිබෙනා බව පොලිසිය පැවසුවේය.

ගල විදීමෙන් පසුව ඒවාට වෙඩි බෙහෙත් පුරවා ස්ථානය පුපුරුවා හරින්ට උත්සහ කරන්නට ඇති බවට පොලිසිය සැකකරනා අතර විහාරාධිපති හිමියන් හා විහාරස්ථ දායක සභාව නොදැන එම ස්ථානයේ කිසිවක් කිසිවෙකුට රහසිගතව සිදුකළ නොහැකි බව පොලිසිය පවසයි.

රජමහා විහාරස්ථානයේ ඇතැම් ගොඩනැගිලි පුරාවිද්‍යාවේ කිසිදු අවසරයකින් තොරව ඉදිකර තිබෙනා බවත් මල් පාත්ති සැකසීමට සිදුකළ පොලව කැනීමකදි පැරණි ගඩොල් විශාල ප්‍රමාණයක් හමුවි තිබෙනා බව පොලිසිය පවසයි.

විහාරස්ථාන භූමිය පුරා කළු ගලින් නෙළන ලද ගල් කණු බුද්ධ ප්‍රතිමා ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක රැසක් දක්නට තිබෙනා බව පවසන පොලිසිය පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණයට කිසිවෙකුත් මැදිහත්වි නැති බව පවසයි.

විශාල කළුගල් බුද්ධ ප්‍රතිමාවක් විහාරාධිපති හිමියන් විසින් තිබූ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් රැගෙන ගොස් ඇති බවත් සිදුකළ පරික්ෂණ වලදි අනාවරණවි තිබුණි.මීට පෙරත් විහාරස්ථාන භූමියේ ඇති පුරාවිද්‍යා ස්ථානවල විවිධ පුද්ගලයන් කැනීම් සිදුකිරීමට විශාල උත්සහයක නිරතවි ඇති බවට සාක්ෂි රැසක් හමුවි තිබෙනා බව පොලිසිය පවසයි.

පුරාවිද්‍යා භූමියට සිදුකර තිබෙන හානි සම්බන්ධයෙන් වගකිව යුතු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා බව පරික්ෂණ සිදුකරනා පොලිසිය පවසයි.

එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.පී.පී රෝහණ අධිකාරි පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ඩබ්.එම්.ඩබ්ලිව් ඇල්ලේපොල පොලිස් සැරයන් 36446 සෙනරත් බණ්ඩාර වීරකෝන් ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය පිළිබදව පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….