සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි

mahinda

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය.

පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුභ පැතුම් එක් කළේය.

අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකරතොරණ, චෛත්‍යයේ කොත නිරාවරණය කළ අග්‍රාමාත්‍යතුමා සිය පැමිණිම සංකේතවත් කරමින් රත් හඳුන් පැලයක් විහාරස්ථානයේ රෝපණය කළේය.

මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි, බිබිලියාදෙණිය ශ්‍රී මලියදේව මහ පිරිවෙණේ පරිවේණාධිපති හා තත් විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විමලකීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය කහටවිල පියරතන නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙහි වැඩම කළ වඳාළහ.

කීර්තිපාල රණතුංග මහතා විසින් සංස්කරණය කළ විහාරස්ථානය පිළිබඳ සමරු කලාපය සම්පත් රසාංජන මහතා විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගැන්වූ අතර ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍ය දේවහන්දියේ සද්ධානන්ද ස්වාමින්වහන්සේ අග්‍රාමාත්‍යතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවත්වූහ.

මේ ස්ථානයට මීට පෙර තිබ්බොටුවාවේ සුමංගල නායක හිමියන් සමඟ වැඩම කරන අවස්ථාවට වඩා හාත්පසින් වෙනස් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර තිබෙනවා, මේ කටයුතු මැනවින් සිදුකරන දේවහන්දියේ අපේ නායක හාමුදුරුවන්ට අපේ ආශිර්වාදය පුදකරනවා, ආගමික කටයුතු වෙනුවෙන් අගමැතිතුමා දක්වන දායකත්වයට අපි පුණ්‍යානුමෝදනා කරනවා.

තිස් වසරක යුද්ධයෙන් එතුමා මේ රට ගලවා ගත්තා. පසුව ආදරණිය සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ අගමැති සහ ජනාධිපති ලෙස මේ රට කොරෝනා වසංගතය පාලනය කීරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙනවා.විශේෂයෙන් කොරෝනා මර්දන එන්නත ජනතාවට ලබා දෙමින් ජනතාවත් රටත් ආරක්ෂාකරන්න කටයුතු කරනවා.

මේ රට ණය බරින් වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ශක්තිය, ධෛර්යය වගේම දළදා වහන්සේගේ ආශිර්වාදය, ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා යැයි අනුනාහිමියෝ පැවසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

1897 මෙම විහාරස්ථානය ආරම්භ කරලා 1920 වන විට පිරිවෙනක් බවට පත් කරනවා, අද වනවිට විහාරවාසී හිමිවරුන් 16නමක් වගේම දරුවන් 443කගෙන් යුතු දහම්පාසලක් පවත්වාගෙන යනවා. එවගේම විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් රටට විශාල ආගමික සේවාවක් සිදු කරනවා.

අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතු වලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා ගතයුතුයි.එසේ නොවුනොත් සිදුවන්නේ විශාල විනාශයක්, දරුවන් දහම්පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්ය කළයුතුයි. අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසි පරිදි සිදුවෙනවා. අද බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්වෙලා. නමුත් අනිත් ආගම්වල ආනිවාර්යයෙන් ඉරිදා පල්ලි යනවා.

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි. පන්සල සමග ඇති සබදතාව දරුවන් තුළ ඇති කළ යුතුයි. එසේ නොවුනොත් ගමත් පන්සලත් ඈත් වෙනවා.සමාජය නිවැරදි මගක ගෙනියන්න නම් ගමත් පන්සලත් එකට පවත්වාගෙන යා යුතුයි. මෙි විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ පන්සල දියුණු කරන්න කැපවී කටයුතු කිරීම අගය කළ යුතුයි.

ගමේ පන්සල තමයි කේන්ද්‍රස්ථානය, ගමේ ජනතාවට පනසල සමග කටයුතු කරන්නට අවස්ථාව සලසා දීලා ජනතාව යහපත් ජීවිතයකට හුරු කරවීම අපේ වගකීමක්. මේ ප්‍රදේශයේ විවිධ ජාති ආගම් අදහන ජනතාවක් ඉන්නේ ඔබේ ප්‍රදේශයේ සාමූහික සුහදතාව ලෝකයටම ආදර්ශයක්.අද වන විට අපි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට සංවර්ධනය කිරීමේ වැඩකටයුතු කරමින් යනවා. රටේ සංවර්ධනය කාර්යයන් නිසි පරිදි ඉදිරියටත් ඉටුකරන බව මෙහිදි පැවසිය යුතු යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.


newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip, sri lanka time, Gossip Lanka News, sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv/span>

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….