රටේ පුරවැසියන් මේ රට ගැන සිතිය යුතුයි

sitha

අද උපාධිධාරින්ට රැකියා දහසක් නිර්මාණය වන විට වෘත්තිය පුහුණු පුහුණුවන්නන්ට රැකියා දස දහසක් නිර්මාණය වනවා එවන් තත්වයන් මත මේ වන විට විවිධ වෘත්තිය පුහුණු වන්නන්ට රැකියා බහුල වශයෙන් පවතිනවා.

නිපුනතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නවොත්පාදන රාජ්‍ය ඇමති වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති සංචාරකයදිය.

මෙහිදි වැඩි දුරටත් කතා කල සිතා අරඹේපොල මහත්මිය මට මේ නුවරඑළිය දිස්ත්‍රික්කය අලුත් තැනක් නොවෙයි මම වෛද්‍යවරියක් විධියට පලමු පත්විම ලබා ආවේ නුවරඑළිය මහා රෝහලටයි මම එහිදි මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජිවන රටාවන් පිලිබදව හදුනා ගත්තා.

එහිදි හදුනා ගත් ප්‍රධානම දේ තමයි මේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවිම උසස් අධ්‍යාපනයක් නොලබන මේ දරුවන් සදහා මෙසේ වෘත්තිය පුහුණු ලබා දිමට කටයුතු කිරිම පිලිබදව තොණ්ඩමන් පවුලේ සමාජිකයන්ට ස්තුතිය පුද කල යුතුයි.

අපි මොන ආගම ඇදහුවත් මොන ජාතියේ වුනත් අපි සැම මේ රටේ පුරවැසියන් ලෙස මේ රට ගැන සිතිය යුතුයි මේ රටේ පුරවැසියන් ලෙස ඔබ හැදුනොත් එය ඔබට මෙන්ම ඔබේ දුදරුවන්ටත් හොද අනාගතයක් හදා ගත හැකියි.

ඔබලාගේ දෙමාපියන් කරපු රැකියාවම ඔබ කරන්න ඕන කියලා නියමයක් නැහැ ඔබට වෙනත් බොහෝ රැකියාවන් හොයා ගන්න පුලුවන් ඒ සදහා ඔබට අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපනය නැතිවුනොත් වෘත්තිය පුහුණුවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රබල උත්සහයක් ගන්නේ මේ වෘත්තිය පුහුණු වැඩ සටහන් තුලින් මේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරිමටයි මෙම වෘත්තිය පුහුණුවිම් තුලින් සෞඛ්‍ය සේවයේ හෙද නිලධාරි තනතුරු පවා ගන්න පුලුවන්.

පුද්ගලික අංශයේ පවා රැකියා විශාල ප්‍රමාණයක් පවතිනවා එත් ඒ සදහා අවශ්‍ය වෘත්තිය පුහුණුව ලැබු පිරිස් නැති විමයි ප්‍රශ්නය එවන් තත්වයන් මත මෙවැනි වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම ඉතා හොද දෙයක් ජිවන් තොණ්ඩමන් මහතා මෙම ප්‍රදේශයේ සෞඛ්‍ය පිලිබදවත් දැඩි අවදානයක් යොමු කරනවා.

විවිධ වෘත්තිය පුහුණුවිම් සදහා ඉල්ලුම් කරන සියලුම දෙනාට එම පුහුණුවිම් සදහා අවශ්‍ය පහසුකම් ලබා දිමට පියවර ගත යුතුයි මහනුවර හා බදුල්ලේත් මෙවැනි පුහුණු මධ්‍යස්ථාන ඇති කිරිමට පියවර ගැනිමේ උත්සහයක් ගැන මෙහිදි කියවුනා ඒ පිලිබදව සතුටු විය යුතුයි.

මෙහිදි ඉන්දියා සහකාර කොමසාරිස් නාකේෂ් නඩරාජ්, වතු නිවාස ප්‍රජා යටතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන්  තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. රමේෂ්වරන් යන මහත්වරුන්ද කතා කරන ලදි.

මෙම අවස්ථාවට පැමිනි සීතා අරඹේපොල මහත්මිය හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය නිරික්ෂනය කිරිමටද පියවර ගන්නා ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්


sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….