මහජනයා මුලාකල හොර උප පොලිස් පරීක්ෂකවරයෙක්

horapolice

ෆේස්බුක් හා අන්තර්ජාලයේ විවිධ පිටු හරහා උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහජනයා මුලාකරමින් විවිධ වංචා සහගත ක්‍රියාවන්හි නිරත වීමට උත්සහ කළ පුද්ගලයෙකු පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

අපරාධකරුවන් හා වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අතරතුර පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

වට්ස් ඇප්, ඉමෝ හා වයිබර් මෙන්ම මුහුණු පොත හරහා ඡායාරූප මුදාහරිමින් තමන් ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හැටියට සේවය කරන බව මෙම පුද්ගලයා කිහිපවතාවක්ම මිතුරන්ට හා සමාජයේ විවිධ පුද්ගලයන්ට දැනුම් දී ඇති බවත් මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.

සැකකරු (35) වන වියේ පසුවන බටලන්ද, පාර රක්වාන ප්‍රදේශයේ ස්ථිර වශයෙන් පදිංචිකරුවකු වන බවත් දැනට මාස අටකට පමණ ඉහතදී පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයෙන් මාසික කුලී පදනම මත මෙම නිවස කුලියට ගෙන ඇති බවත් නිවස කුලියට ගැනීමේදී නිවෙසේ අයිතිකරුවන්ටද පවසා ඇත්තේ තමන් පොලීසියේ උසස් නිලධාරියෙක් ලෙස රැකියාව කරන බවය.

විවාහක අයෙක් වන මෙම පුද්ගලයා රැකියාව වශයෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුද්ගලික ආයතනයක රියදුරකු වශයෙන් රැකියාව සිදු කරන බවත් අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත් වූ සැකකරු සන්තකයේ තිබී සොයා ගත් පොලිස් නිල ඇඳුමක් හා ව්‍යාජ ආකාරයෙන් පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවත් මෙම පුද්ගලයා ශ්‍රී ලංකා පොලීසියේ හා උප පොලිස් පරීක්ෂකවරයෙකු යයි පවසමින් යම් අපරාධයක් හෝ රැවටීමක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳ සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් පොලීසිය පැවසීය.

සැකකරු  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු වරද පිළිගත් බැවින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග ලබාදී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර පොලිස් අධිකාරී 01රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස් මුණසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 59951 සුනිල්, 21284 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 84762 කුමාර යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

සමීර අබේසිංහ – නුගේගොඩ සමුහ


sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….