ව්‍යාජ ආදායම් බලපත්‍ර සාදා මාට්ටූ වෙයි

අනුරාධපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කෙටිනාමය වන නැ.නු.ප වෙනුවට (නු.ග.ප) ලෙසින් වෙනස්කර ව්‍යාජ ආදායම් බලපත්‍රය සමග නව බලපත්‍රය සකසා ගැනීමට පැමිණි පුද්ගලයෙකු ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා විසින් සිය භාරයට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට භාරදි තිබේ.

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආදායම් බලපත්‍ර නිකුත් කරනා ස්ථානයට සැකකාර පුද්ගලයා පැරණි ආදායම් බලපත්‍රය සමග පැමිණ මේ වසර සදහා නව ආදායම් බලපත්‍රය සකසා ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබේ.

එම අංශයේ කලමනාකාර සහකාරවරියට පැරණි ආදායම් බලපත්‍රය ලබාදුන් අවස්ථාවේ එහි නැ.නු.ප යනුවෙන් සදහන් වියයුතු රබර් මුද්‍රාවේ කිසි දිනක නොදුටු නු.ග.ප යන නාමය තිබිමෙන් වහාම ඒ බව ප්‍රාදේශිය ලේකම්වරයාට දන්වා තිබේ.

වහාම ක්‍රියාත්මකවූ ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා ඔහුට පලායාමට නොහැකි වන අන්දමට හැදුණුම්පත ඇතුළු ලේඛණ වල ඡායාරූප ලබාගන්නා ලෙස සේවිකාවට දන්වා තිබේ.

ඇය එම කටයුත්ත සිදුකර සැකකාර පුද්ගලයාව ප්‍රාදේශිය ලේකම් රුවන් මහතාට භාරදි තිබේ.සිදුකළ ප්‍රශ්න කිරිම් වලදි සිය පුත්‍රයා සතුව තිබෙන 325 කාණ්ඩයේ වෑන් රථයට නිකුත් කර තිබු ආදායම් බලපත්‍රය සමග 2021 බලපත්‍රය ලබාගැනීමට පැමිණි බවත් අදාල ලේඛණය ව්‍යාජ ලේඛණයක් බව තමන් නොදන්නා බවත් සැකකරු පවසා තිබේ.

අදාල ලේඛණය පරික්ෂා කිරිමේදි එහි සහකාර ප්‍රාදේශිය ලේකම්වරයෙකු අත්සන් යොදා නු.ග.ප යනුවෙන් මුද්‍රකර තිබු බව ප්‍රාදේශිය ලේකම්වරයා නිරික්ෂණය කර තිබේ.කූඨ ලේඛණය සැකසු පුද්ගලයා නැගෙනහිර නුවරගම් පළාත යන යෙදුමට යොදන කෙටි නාමය නොදන්නා කම නිසා නු.ග.ප යනුවෙන් මුද්‍රාව සකසා ඇති බවට ප්‍රාදේශිය ලේකම්වරයා සැකකර වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

අනතුරුව අදාල සැකකාර පුද්ගලයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට බාරදීමට ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා කටයුතු කර තිබෙන අතර කොටස් එකලැස්කර සැකසු වෑන් රථයකට ව්‍යාජ ලේඛණයක් කිසිවෙකු විසින් සකසන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගජසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….