සහල් සැකසීමේ ආයතනයක ආරක්ෂිත ක්‍රමෝපායක් භාවිතා නොකිරිමෙන් තිදරු පියෙකුට අතක් අහිමි වෙයි

hand

ගනේවල්පොල කැකිරාව මාර්ගයේ පිහිටි මහපරිමාන සහල් සැකසීමේ ආයතනයක (රයිස් මිල්ස්) යන්ත්‍රයකට අත හසුවිමෙන් කම්කරුවෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔහුගේ දකුණු අත වැලමිට අසලින් ගැලවියාම නිසා ප්‍රතිකාර සදහා කැකිරාව රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම ආයතනය මහා පරිමාන අන්දමින් පවත්වාගෙන ගියත් සේවකයන්ගේ ආරක්ෂාව සදහා කිසිදු ආරක්ෂිත ක්‍රමෝපායක් භාවිතා නොකිරිම නිසා තිදරු පියෙකු වන කම්කරු සේවකයාට අත අහිමිවු බව සේවකයන් පිරිසක් අනාවරණය කළහ.ආයතනයේ සියළුම යන්ත්‍ර සූත්‍ර ඉතා අනාරක්ෂිත වූවත් සේවකයන්ට රක්ෂනාවරණයක්වත් ලබාදීමට පරිපාලනය කටයුතු කර නොමැති බව ඔවුන් කීහ.

අදාල සේවකයා මුට්ට කර ගැසීම (නාට්ටාමි) සදහා යොදවා සිටියත් ආයතන පරිපාලනය විසින් සහල් සැකසුම් මෝලේ විදුලියෙන් ක්‍රියාත්මක වන මෙවලමක් වන ඩයරයක් ඔහුට ශුද්ධ පවිත්‍ර කිරීමට පැවරිම නිසා අනතුර සිදුව තිබෙනා අතර සේවකයාගේ අත වැලමිට අසලින් ගැලවි ගොස් යන්ත්‍රය තුලට වැටි ඇති අතර පැය හතරකට පමණ පසුව ගැලවි ගිය අතෙහි කොටස සොයාගෙන තිබේ.

මෙසේ බරපතල තුවාල ලබා ඇත්තේ ආරුගම් සදාලිංගම් නැමති 55 හැවරදි තිදරු පියෙකි.සිදුවු අනතුර පිළිබදව අනාවරණය කළ සේවකයන්.අවාසනාවන්ත අනතුරට මුහුණ දුන්නේ රුපියල් 1000ක දෛයිනික වැටුපට මුට්ට කර ගහන සේවකයෙක්.

ඔහුට තියෙන්නේ මුට්ට කරගහන්න.නමුත් මේ සේවකයාව ඩයරය ශුද්ධකරන්න යොදවලා තියනවා.ආයතන පරිපාලනය කියනවා ඔහු බලෙන් වැඩේ කරේ කියලා.මත්පැන් බීලා හිටියේ කියලා බිව්වා කියලා දැන් වෙනම කථාවක් හදනවා.

කිසිම සේවකයෙකුට රක්ෂණ ආවරණයක් නෑ.සේවක භාරකාර අරමුදලට ගෙවිම් කරන්නෑ.මේ අනතුරට මුහුණ පෑ අහිංසක මනුස්සයා වැරදියි කියලා දැන් ඔක්කොම වාර්ථා හදනවා.

පොලිසිය රෝහල ඔවුන්ගේ අතට අරගෙන මුදලට යටකරලා කටයුතු කරනවා.සේවකයාට සාධාරණ වන්දියක් ලැබෙන්නේ නෑ.ඔහුට අන්තිමේදි අතක් නැතුව ජීවිතේ ඉදිරිය සිගමන් යදින්න වෙන්නේ.මොකද ඔහු කම්කරුවෙක් මුට්ට කර ගහන කෙනෙක්.මීට ඉස්සෙල්ලත් සේවකයන් දෙන්නෙක් අනතුරු වලට මුහුණ පාලා තුවාල ලබලා තියනවා.

මේ ආයතනය වැරදි රැසක් එක්ක යන ආයතනයක් කිසිම ආරක්ෂිත බවක් නෑ.ඒ නිසා වගකිවයුතු ආයතන රැසක් මේ ආයතනය ගැන හොයලා බලලා කටයුතු කරේ නැත්නම් තවත් ජීවිත විනාශ වෙන්න තියනවා.දරු පවුල් විනාශ වෙන්න අවස්ථාව ඇතිවෙනවා යනුවෙන් ඔවුන් පැවසූහ.

සේවක චෝදනා සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලිමෙදි අනතුර සිදුව තිබෙන ආයතනය වන බීටා සහල් සැකසුම් මධ්‍යස්ථානයේ අයිතිකරු වන ඒ.එච්.එම් අසාර් නැමත්තා මෙසේ පැවසුවේය.මම රියදුරන්ට විතරයි රක්ෂණ ආවරණ දාලා තියෙන්නේ.මේ සේවකයා බලෙන් ඩයර් එක සුද්ද කරන්න ගිහිල්ලා අත අහිමිකරගෙන.ඔහු බීලා ඉදලා තියෙන්නේ.

ඒකට සාක්ෂි තියනවා.අපි ඔහුට යන්ත්‍රය සුද්දකරන්න කිව්වේ නෑ.එයාට ඊ.ටී.එෆ් ඊ.පී.එෆ් අපි ගෙවන්න ඕන නෑ.ඒයා ස්ථිර සේවකයෙක් නෙමෙයි.අපි පොලිසියට මේ සියල්ල අනාවරණය කළා.මම මාධ්‍යට බය නෑ.පුළුවන් දෙයක් කරන්න.ඕනම් මාව උසාවි දායි යනුවෙන් පැවසුවේය.

සේවකයා බලහත්කාරයෙන් ඩයරය පිරිසිදු කළ බව ආයතන ප්‍රධානියා පැවසුවත් එම ආයතනයේ කළමනාකරු ලෙස පෙනී සිටි පුද්ගලයා කියා සිටියේ තුවාලකරු වන නාට්ටාමිවරයාට දිනපතා රුපියල් 500ක් ගෙවා එම යන්ත්‍රය ශුද්ධ පවිත්‍ර කරගන්නා බවයි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….