පොලොන්නරුවේ ආසාධිතයන් වැඩි වෙයි

coronavirus news

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ‍රැල්ලේ ආසාධිතයන් 67ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සිරිකෙත ග්‍රාම නිලධාරි වසම හුදකලා කිරීමට කටයුතු කළ බව ද පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසයේ තුන්වන ‍රැල්ලේ ව්‍යාප්තිය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිණි.එහි දී දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ ද පැවසීය.

“කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන ‍රැල්ල වෙනදාට වඩා තැන් තැන්වලින් කොරෝනා රෝගීන් හඳුනාගැනීම් සිද්ධ වෙමින් පවතිනවා.මේ වන විට අපි රෝගීන් 67 දෙනෙක් හඳුනාගෙන තියෙනවා.

දිස්ත්‍රික්කය තුළ මරණ 03ක් වාර්තා වුණා.සෞඛ්‍ය අංශ වෙතින් කරන ලද පරික්ෂණවල දී හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සිරිකෙත ගම්මානය තුළින් කොවිඩ් රෝගීන් වැඩියෙන් හමුවීම නිසා  සිරිකෙත වසම  ජාතික කොවිඩ් මර්දන ඒකකය විසින් හුදකලා කරනු ලැබුවා.

ඒ ප්‍රදේශය තුළ පවුල් 600ක පමණ පුද්ගලයින් 1900ක් පමණ ජීවත් වෙනවා.ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හරහා අදාළ කටයුතු සිදුවෙමින් පවතිනවා.

දිස්ත්‍රික්කය තුළ දෙවන ‍රැල්ලට වැඩියෙන් බොහෝ ස්ථානවලින් කොරෝනා රෝගීන් හමු වීම නිසා ප්‍රධාන වශයෙන් ම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අංශවල උපදෙස් මතම කටයුතු කරන්න.අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් පිට යන්න එපා.

පළමුවන අවස්ථාවේ දීත් දෙවන අවස්ථාවේ දීත් ජනතාව සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් එය පාළනය කරන්න සහය ලබා දුන්නා.ඒ වගේම මෙවරත් ඊට දොඩෙවෙනි සහයක් ලබා දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.”යැයි ද ඒ මහතා කීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….