නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 3010ක්

nuwaraeliya

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 20වන දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් තුන්දාහාස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛළු වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හගුරන්කෙත,කොටගල, කොත්මලේ, මස්කෙළිය, නුවරඑළිය, රාගල, වලපනේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් මෙම ආසාදිතයන් 61 දෙනා වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගනන 3010 දක්වා ඉහල ගොස් ඇති බවත්ය.

මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ හැරින්ටන් වතුයායේ කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම වතුයායේ පවුල් 10ක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ආසාදිතයන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන බවත් එම දෙදෙනා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවය ලක් කිරිමෙන් පසු ඔවුන් කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත්ය.

එමෙන්ම කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් හොලිරුඩ් හා ග්‍රේස්ට් වෙස්ටන් වතුවල කාර්මාන්ත ශාලාවල දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අනාවරණය විමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

හිටපු මධ්‍යම පලාත් සභා මන්ත්‍රි කනපති කනගරාජ් ඇතුළු ඔහුගේ පවුලේ හතර දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කනපති කනගරාජ්ගේ සහෝරයකු වන නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කොලින්දවේල් යන අය කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි මෙම පිරිස කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත්ය.

මෙම ආසාදිතයන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බැවින් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා ලෙස හැටන් සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම් ඇතුළු එහි දස දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත් මේ වන විට එම ප්‍රාදේශීය සභා කාර්යාලය වසා දැමිමට පියවර ගෙන ඇති බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් ලෙස එම ප්‍රාදේශීය සභා කාර්යාලයේ පිරිස පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම ආසාදිතයන් හමුවු බවත්ය.

මෙම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගන්නා බවත් මෙසේ හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන්ද ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….